Dear Diaryna ❤️ 08

297 59 3
                                    

Yoonree's View

කොලේජ් ඉවර උනු ගමන් යුන්රී මින්හි දෙන්නා කතා කර කර හිමීට ගේට් එක පැත්තට ගියා...

"මින්හියා....."

කතා කර කර ගිය දෙන්නා එකපාරටම ගැස්සිලා ඉක්මනටම පිටිපස්ස බැලුවේ කතා කලේ කවුද කියලා බලන්න...

"ජිමින්..."

මින්හි ජිමින් දිහා බලන ගමන් කතා කලා...

"ඔම්මා....මොකද අප්පා ඔච්චර හයියෙන් ඇවිදින්නේ...මට හති දදා දුවන්න උනේ අන්තිමට..."

ජිමින් දනහිස් දෙක උඩ අත් දෙක තියාගෙන හති අරින ගමන් කිව්වා..

"ඔව් ඉතින් කොට කකුල්වලින් යන්න අමාරුයි නෙහ්..."

යුන්රී මින්හිගේ පිටට ගගහා මහ හයියෙන් හිනාවෙන ගමන් කිව්වම මින්හි කලේ රවලා බලපු එක...

"ආහ්...ඇයි ඇයි මොකෝ උබ රවන්නේ..."

එක ඇහි බැමක් උස්සන ගමන් යුන්රී ඇහුවා...

"මේ..මේ..මං පොඩි දෙයක් අහන්න ආවේ මින්හිගෙන්..."

ජිමින් ශර්ට් එක හදාගෙන බෑග් එකත් කරේ එල්ලගන්න ගමන් ඇහුවා...

"ම-මගෙන්???"

"දේ..දේ...ඔයාගෙන්..."

"අහන්න..."

"මේ...මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න ඕනි..."

ජිමින් එහෙම කිව්ව ගමන් යුන්රී මින්හි දෙන්නා මූනට මූන බලාගත්තා...

"ආහ්..දැ-දැන්ද?"

මින්හි ගොත ගහන ගමන් අහද්දී ජිමින් ඔලුව වැනුවේ ඔව් කියන්න...

"ආහ්...ම්හ්හ්...ආරස්සෝ..මං එන්නම්.."

"එහෙනම් යමු මාත් එක්ක..."

ජිමින් එහෙම කියන ගමන් ඉස්සර උනා..

"එහෙනම් පරිස්සමින් පලයන් ඈ...අපේ ඔම්මට පොඩ්ඩක් කියහන් මං එන්න පරක්කු වෙනවා කියලා..."

මින්හි යුන්රීගේ පැත්තට හැරෙන ගමන් කිව්වා...

"ආහ්..ආරස්සෝ මං කියන්නම්...මොනාද කිව්වේ කියලා මටත් කියහන් හොදේ..."

යුන්රී පැණි හිනාවක් දාන ගමන් කිව්වම මින්හිට තේරුණා මොනාද මේ කියන්නේ කියලා...

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now