Dear Diaryna ❤ 12

265 54 0
                                    

"ආහ්...මේ ලීනානේ...මොකද එදා කැන්ටින් එකේදි කාපුවා මදි වෙලාද?"

යුන්රීත් ඊට නොදෙවෙනි සමච්චල් කටහඩින් ඇහුවා...සාශා නම් හැදුවෙම ලීනාව එතනින් අරන් යන්න...

"චෙබල් ලීනා අපි මෙතනින් යමු...ප්‍රශ්න දාගන්නේ නැතුව..."

ලීනා සාශා දිහා රවලා බැලුවා...

"සාශා තමුසෙට ඕනි නම් යනවා!!! මං මේක අද විසදගෙනමයි යන්නේ.!!!"

ලීනා කේන්තියෙන් කෑගහද්දී සාශා මුකුත් නොකියා හිටියේ තවත් ලීනාට මොනා කිව්වත් දැන් එයා අහන්නේ නෑ කියලා දන්න නිසාමයි....

"ආරස්සෝ...මේ අහන්නකෝ...දැන් ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ..."

යුන්රී සන්සුන්ව අහද්දී ලීනා තවත් යුන්රී ඉස්සරහට ආවා..

"ප්‍රශ්නෙද? ප්‍රශ්නේ තමයි තමුසෙට ජන්ග්කුක් එක්ක තියෙන සම්බන්දේ මොකද්ද කියන එක...."

ලීනා කේන්තියෙන් ඇස් රතු කරගෙන අහද්දි යුන්රී මුකුත් නොකිය හිනා වුනා...

"එහෙම එකක් නෑ ඕයි...තමුසෙට විකාරද...?"

යුන්රී එහෙම කියන ගමන් එහා පැත්ත හැරිලා ගියේ ලීනාට වචනයක්වත් කතා කරන්න ඉඩ නොදී...

ඇත්තටම යුන්රී එහෙම දෙයක් ඇයි ලීනාට කිව්වේ කියලා කෙල්ල එයාගෙන්ම ඇහුවා...

එතකොට යුන්රී ජන්ග්කුක්ට ආදරේ නැද්ද???

යුන්රීට වෙලාවකට හිතුනා ජන්ග්කුක් ගැන තමන්ගෙ හිතේ තියෙන අදහස නැති කරන්න...නොලැබෙන දෙයක් පස්සේ ගිහින් හිත රිදවගන්නවට වඩා එයා සතුටින් ඉන්න විදිහ බලලා හරි තමන්ට සතුටු වෙන්න පුලුුවන් කියලා යුන්රී හිතුවා...

ඒත්...

ඒ හැගීම තමන් තුලම මරලා දාන එක යුන්රීට නම් ගොඩක් අමාරු වැඩක් උනා...මොකද එයා එහෙම හිතලා වැඩ කරන හැම මොහොතකම ජන්ග්කුක් එයා ගාව නැත්තන් පේන මානේ හරි ඉන්නවා...තමන්ගේ හිතේ ඉන්න කෙනා දැක දැක හිත හදාගන්න දගලන උත්සහය නම් එච්චර සාර්ථක උනේ නැහැ...

"මං මොකද්ද ඒ කිව්වේ? ආශ්... කමක් නෑ..."

යුන්රී තමන්ගේ කදුලු පිහදගන්න ගමන් ආපහු ක්ලාස් එකට ගියා....

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now