Dear Diaryna ❤ 15

258 59 0
                                    

Yoonree's View
Author POV

යුන්රී කොච්චර කෑගැහුවත් ටේමින් නැවතුනේ නැහැ...ඉතින් යුන්රී ආපහු ගිහින් කට්ටියට එකතු වුනේ ටේමින්ට මොකද්ද උනේ කියලා හිතන ගමන්...

"යුන්රී...මොකද බන්...අර ටේමින් දිව්වේ??"

මින්හිත් ටේමින් දැක්ක නිසා යුන්රීගෙන් ඒ විදිහට ඇහුවා...

"අනේ මන්දා බන්...වචන දෙක තුනයි කතා කලේ කගවේනා වගේ දිව්වා...ඩ්‍රයිවර් එන්නෙත් නෑ කියාගෙන..."

යුන්රී එහෙම කියන ගමන් හිතුවෙම ටේමින්ට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා...

මොකද ටේමින් ඉන්නේ අලුත් පරිසරයක...ප්‍රශ්න ඇති වෙන එක සාමාන්‍යයි නේ...ඒ වගේම ටේමින් කියන්නේ යුන්රීගේ හොදම යාලුවෙක්...ඉතින් යුන්රී හැමවෙලේම ටේමින් ගැන යුන්රී හෙව්වා...බැලුවා...උදව් කලා...

"ආරස්සෝ...කජා...එයාට අවුලක් නැතුව ඇතිනේ...අපිට පරක්කු වෙනවා..."

ටේ කියන දේ පිලිගත්ත ඉතුරු හතරදෙනත් පාර දිගේ යන්න පටන් ගත්තා...

=============

Taemin's View
Author POV

Park එකේ ඉදන් ටේමින් ගෙදර යනකොට ටිකක් හවස් වෙලා...සන්ග්මිනුත් කලින් ගෙදර ආවත් ටේමින් නැති නිසා හොදටම බයවෙලා හිටියේ...

"මේ කොල්ලා කොහෙ ගියාද?"

සන්ග්මින් තමන්ගෙන්ම එහෙම අහන ගමන් පෙරමගට වෙලා ටේමින් එනකන් බලන් හිටියා...

ටික වෙලාවක් යනකොට ටේමින් ගෙදර ආවා...

"අදල්...මොකද පරක්කු...??"

සන්ග්මින් ටේමින්ගෙන් ඇහුවත් ටේමින් කලේ හිනා වෙච්ච එක විතරයි...ඒක නිකන් අසරණ වේදනාවෙන් පිරුණු හිනාවක් වගේ...ටේමින් මොකක් හරි ප්‍රශ්නයකින් ඉන්නේ කියලා තේරුම් ගන්න සන්ග්මින්ට එච්චර අමාරු වුනේ නෑ...

"ආරස්සො...ගිහින් වොශ් දාගෙන එන්නකෝ...අපි කතා කරමු..."

සන්ග්මින් ටේමින්ගේ පිටට තට්ටු කරන ගමන් එහෙම කියද්දී ටේමින් මුකුත් නොකියා ඔලුව වනලා එකග වෙලා තමන්ගේ රූම් එකට ගියා...

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now