Dear Diaryna ❤️ 05

318 61 4
                                    

එදා හවසම බෝගම් කොරියාවට ආවා...ඒ නිසා ජින් යුන්රීත් එක්ක එයාපෝට් එකට ගියේ බෝගම්ව පිලිගන්නත් එක්ක...

"අඩෝ...ජින්...කොහොමද මචං.."

ජින්ව දැක්කම ගොඩක් සතුටු වෙච්ච බෝගම් ජින්ව හග් කරන ගමන්ම ඇහුවා...

"මං හොදින් බන්..."

පෙරලා පිලිතුරු දෙන ගමන් ජින් බෝගම්ව හග් කලේ තමන්ගේ සහෝදරයා වගේ ඉන්න හොදම යාලුවව ගොඩක් මතක් උනා කියලා කියන්න වගේ...

"හහ්...එතකොට කාටවත් මාව නැතුව පාලු නෑ"

යුන්රී ඇහුවේ නෝක්කාඩුවෙන්...තමන්ගේ ඔප්පලා දෙන්නා කතා කර කර හිටියා මිසක් එයාව බැලුවේ නෑනේ...

"අනේ මගෙයි ජින්ගෙයි චූටි ප්‍රින්සස්...ඔයාව අමතක වෙන්නේ කොහොමද අනේ..."

බෝගම් යුන්රීව බදාගන්න ගමන්ම කිව්වා...

"යං යං...ඔම්මලා බලන් ඇති අපි එනක්න්..."

යුන්රී ජින්ගෙයි බෝගම්ගේයි අත්දෙකින් අල්ලගෙන එයාපෝට් එකෙන් එලියට ඇවිත් කාර් එකට නැගලා ගෙදර එන්න පිටත් උනා...

ජින් බෝගම් යුන්රී තුන්දෙනා ඇතුලට යනකොටත් ඉතුරු 6 දෙනා ඇවිත් හිටියේ...ජන්ග්කුක්ගේ මූන දැක්කම යුන්රීට හිත ඇතුලෙන් සතුටු හිතුණත් එයා ටිකක් බය වුනා...

ජිමින් නම් මින්හීගේ ඇගේ ඇලිලාමයි...ඒක දැක්කම යුන්ජිට හිනාවක් ගියේ මින්හි දිහා බලාගෙනමයි...ඒත් ඉතින් එයා කලේ යුන්රීට කට පිරෙන්න රවපු එක...

"ඔම්මා.................අප්පා.................."

බෝගම් ගිහින් එයාගේ ඔම්මයි අප්පවයි බදාගත්තේ කියාගන්න බැරිතරම් සතුටකින්...

"අනේ අනේ..කොල්ලා ටිකක් මහත් වෙලාද මන්දා..."

ඔම්මා හිනාවෙන ගමන් බෝගම්ගෙන් ඇහුවා...

"අනේ ඔම්මා...."

බෝගම් ආයෙත් ඔම්මට තුරුල් වුනේ අනිත් අය හිනස්සන ගමන්මයි...ඇයි ඉතින් අලි සුරතල් බලන්න උනානේ...

"හරි හරි...කවුද එතකොට මේ මල්ලිලා හයදෙනා...ම්ම්ම්...එතකොට අර නංගි..."

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now