Dear Diaryna ❤️ 07

300 65 4
                                    

එකපාරටම කෙල්ලෝ දෙන්නා හිනාව නවත්තලා බැලුවේ කොල්ලෝ තුන්දෙනා දිහා....

"ඕහ්...මියාන්හේ ජිමින්...අපි දැක්කේ නෑ ඔයාලා ඉන්නවා"

මින්හී හිනාවෙන ගමන්ම කිව්වා...

"මොකද්ද ඔයාලා ඒ කලේ..ආ...ඒ මගේ ගර්ල්..."

ජන්ග්කුක් ඇහුවේ කේන්තියෙන් ඇස් රතු කරගෙන...ඒකට නම් යුන්රීට කේන්ති ගියා ඊටත් වඩා දුක හිතුනා...මොකද මේ තමන් ඉස්සරහා ඉන්නේ තමන් පොඩි කාලේ ඉදන් ආදරේ කරපු කොල්ලා නිසා...

"හහ්...ගර්ල්??...ඔයා දැක්කනේ වෙච්ච දේ...එයා ඔයාගේ ගර්ල් උනාට කරන්න දෙයක් නෑ මිස්ටර් ජියොන් ජන්ග්කුක්...මටයි මින්හිටයි දැන් දවස් ගානක ඉදන් ඔය හොල්මන කරදර කරන්නේ...ඔයාට මේ මුලු කොලේජ් එකම බය උනාට මමයි මින්හී බය නෑ...ඒ මගේ ඔප්පගේ යාලුවෝ නිසා නෙමේ...මොකද මටයි මින්හීටයි කොන්දක් කියලා දෙයක් තියෙනවා...අපිට අනිත් අයගේ උදව් ඕනි නෑ අපි ගැන බලාගන්න...ඒක හොදට මතක තියාගන්න"

යුන්රී ජන්ග්කුක් ජිමින් ටේ තුන්දෙනාව ශොක් කරන ගමන් මූනටම කියලා දැම්මා...ඊට පස්සේ මින්හීවත් ඇදගෙන යුන්රී එතනින් පිට වුනා...

"ම්හ්ම්ම්...මොකක්ද බන් ඒ උනේ"

ජිමින් ඇහුවා...

"Awesome..."

කෙල්ල යන දිහා බලන් හිටපු ජන්ග්කුක්ට නිකන්ම කියවුනා...

"ම්වෝ??"

වීමින් ඩබල එකටම ජන්ග්කුගෙන් ඇස් දෙක ලොකු කරගෙන ඇහුවේ මූ මරු විකාරෙන් කියවනවද කියලා අහන්න වගේ...

"අනී...මුකුත් නෑ..."

ජන්ග්කුක් බිම බලාගෙන කිව්වා...

"උබ හිතුවේ අපිට ඇහුන්නෑ කියලද?"

ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙන් ඇහුවා...ඒකට උත්තරයක් දෙන්න ජන්ග්කුක් දැනගෙන හිටියේ නෑ...

"හැබැයි පුතෝ ඒකිවත් සෙල්ලමකට අරන් තිබ්බොත් මං උබව හම ගහනවා...ඒ කෙල්ල හොද කෙල්ලෙක්...මං කිව්වා උබට අර ලීනා කියන අටමගලේ අතෑරපන් කියලා...ටෝ මං කියන එකක් අහනවයෑ...මොට්ටයා"

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now