Dear Diaryna ❤ 18

246 55 0
                                    

At college
Author POV

ලීනා එලියට ගියාට පස්සේ සාශාත් පිටිපස්සෙන්ම ගියා...ඇත්තටම දැන් සාශාට ලීනා ගැන තියෙන්නේ ලොකු කලකිරීමක්...ඒත් සාශා කවදාවත් ලීනාව අත ඇරියේ නෑ...සාශා දන්නවා ලීනාට එයාගේ අප්පට පස්සේ ඉන්නේ තමන් බව...

ඉතින් සාශා කොහොමවත් කැමති වුනේ නෑ ලීනාව අත ඇරලා තවත් එයාගේ මානසික මට්ටම පහතට දාන්න...එයා උත්සහ කලේ කොහොමහරි මේ වැඩවලින් ලීනාව ගලවගන්න...හොදම යාලුවා විදිහට...ඒත් ඒ වැඩේ සාශාට ගොඩක් අමාරු උනා...

එහෙම කියලා සාශා උදව් කරන්න ගියෙත් නෑ...පුලුවන් තරම් හොදින් කිව්වා...ඒත් ලීනා ඒවා කනකටවත් ගත්තේ...Bcz..she is going her own way...

"ලීනා...මොකද උනේ..??"

සාශා ලීනා ඉස්සරහින් හිටගන්න ගමන් ඇහුවා...ලීනාගේ ඇස් රතුවෙලා කේන්තියටම...සාශාට තේරෙනවා එයා ඉන්නේ කේන්තිය පිට කරගන්න බැරුව...ඒ නිසාම ඇස්වලට කදුලු පිරිලා...

"මේ අහන්න ලීනා..."

සාශා ලීනා ඉදගෙන ඉන්න බෙන්ච් එකේ ලීනා ගාවින්ම ඉදගන්න ගමන් එයාගේ අත අල්ලගත්තා...

"මං දන්නවා ඔයා ඉන්නේ යුන්රී ජන්ග්කුක් දෙන්නා නිසා කේන්තියෙන්...ඒත් අපිට බෑ නේද කාගෙවත් ආදරයක් බලෙන් ගන්න....ම්ම්ම්...තේරුම් ගන්න...එයාලට එයාලගේ පාඩුවේ ඉන්න දෙමු..."

සාශා එහෙම කියද්දී ලීනා එයාගේ අත සාශාගේ අත්වලින් ගලවගත්තා...ඒත් ලීනාගෙන් සාශා කියපු දේවල්වලට කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නෑ...ඉස්සරහ බලාගෙන ඉන්නවා විතරයි...

සාශා ලීනා දිහා බලලා ලොකු හුස්මක් පිට කලා...

"මං දන්නවා...ඔයාට දැන් ඕනි තනියෙන් ඉන්න...මං යන්නම්...හැබැයි මං කියපු දේ ගැනත් හිතන්න...මං මේක කියන්නේ ඔයාගේ හොදම යාලුවා විදිහට.."

එහෙම කියපු සාශා ලීනාගේ ඔලුවත් අතගාලා එතනින් පිට වුනේ ලීනාට නිදහසේ හිතන්න ඉඩ දීලා...සාශා හැමවෙලේම තමන්ගේ පැත්තෙන් වෙන්න ඕනි හැම යුතුකමක්ම ඉටු කලා...ඒත් ලීනාගේ පැත්තෙන් කිසිම support එකක් නැති එක සාශාව නිතරම දුකට පත් කෙරෙව්වා...

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now