Dear Diaryna ❤ 14

265 56 0
                                    

Taemin's View
Author POV

ටේමින් ජන්ග්කුක් කියපු දේ උවමනාවෙන් අහගෙන හිටියේ නැහැ...එතන යුන්රී ගැන කියවුනු නිසයි එයා ඒක අහගෙන හිටියේ...

මොකක් වුනත් ඒ තමන්ගේ ඒක පාර්ශ්වික ආදරය...

ටේමින්ට ආපහු ක්ලාස් එකට යන්න හිත දුන්නෙත් නැහැ...යුන්රී ජන්ග්කුක් එකට ඉන්නවා දකින්න ටේමින්ට ඕනි වුනෙත් නැහැ...

ටේමින් ස්කූල් එක කෙලවරේ තිබ්බ බෙන්ච් එකට ගිහින් ඉදගත්තේ පණ නැති කෙනෙක් වගේ...

එයාට ඇහුණු දේ තාම එයාටවත් හිතා ගන්න බෑ...

'Yoonree is Mine'


'Yoonree is Mine'



'Yoonree is Mine'




'Yoonree is Mine'




ජන්ග්කුක්ගේ වචන ටේමින්ගේ ඔලුව ඇතුලේ දෝංකාර දෙන්න ගත්තා...

මොකද්ද වෙන්න ඇත්තේ?

Flashback
Author POV

"මේ අහනවා ජන්ග්කුක්...මට තමුසෙව මගේ ගාවට ගන්න එක මට මහලොකු දෙයක් නෙවේ...ඒ වගේම යුන්රීව ඉවරයක් කරන්නත් මට පුලුවන්...හ්ම්ම්ම්...Got it?"

ටේමින් හැදුවේ ලයිබ්‍රි එකට යන්න...කොරිඩෝ එක ගාවින් යනකොට ටේමින්ට ඇහුණේ ලීනා කතා කරන හඩ...

මේ හිටපු දවස් ගානට ටේමින්ට ඉස්කෝලේ ගැන වගේම, ළමයින් ගැනත් හොද අවබෝධයක් තිබුණා...

ඒ වගේම ලීනා කියන්නේ කවුද කියන එකත් දැනගෙන හිටියා...ඒත් ලීනා කියන්නේ කිම් මින්දොන්ග්ගේ එකම දුව කියලා ටේමින් කවදාවත් හිතුවේ නෑ...

ජන්ග්කුක්ට තමන්ව මතක නෑ කියන එකත් දැනගත්තේ යුන්රී නිසා...

ලීනාගේ කටහඩ ඇහුණු ගමන් ටේමින් එතන තිබ්බ කණුවකට හැංගිලා එයාලා කියන දේවල් අහන් හිටියේ යුන්රීගේ නමත් කියවෙච්ච හන්දා....

"ඔව්...මං යුන්රීට කැමති....දැන් තමුසෙට තියෙන ප්‍රශ්නේ මොකද්ද? Yoonree is mine...Only mine...මං මෙච්චර දවසක් ඉවසුවේ තමුසේ මගේ අප්පගේ buissness partnerගේ දුව කියලා හිතලා...ඒත් තමුසේ හදන්නේ ඒ මං හිතන විදිහත් නැති කරගන්න...මං ආයේ අමුතුවෙන් ජියොන් ජන්ග්කුක් ගැන කියලා දෙන්න ඕනි නෑනේ..."

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now