Dear Diaryna ❤ 10

291 60 0
                                    

@College_
Yoonree's View

"මියාන්හේ...චොම්මල් මියාන්හේ.."

යුන්රීගේ ඇගේ වැදුනු පිරිමි ළමයා නැමී නැමී ආචාර කරන ගමන් එයාගේ පොත් ටික අහුලගත්තා...

"ඉන්න මං උදව් කරන්නම්..."

යුන්රී එහෙම කියන ගමන් කොල්ලගේ පොත් ටික ඇහිදලා දුන්නේ තව කෙනෙක් තරහින් බලන් ඉද්දී...කවුද ඒ??????

"මෙන්න...."

"කුමාවෝ..."

එහෙම කියපු පිරිමි ළමයා එතනින් යන්න හදනකොටම යුන්රී අතින් අල්ලලා නවත්තගත්තා...

"මේ..ඔයාගේ නම මොකද්ද?...ඔයා මෙහෙට අලුතෙන් වගේ..."

යුන්රී ගොඩක් friendly විදිහට කතා කරද්දිත් ඒ පිරිමි ළමයා යුන්රීත් එක්ක හිනාවෙලා ප්‍රින්සිපල් ඔෆිස් එකට යන ගමන් කතා කරන්න ගත්තා...යුන්රීටත් එයාගේ ලොකු හුරුපුරුදු බවක් තියෙනවා කියලා දැනුනා

"මං ටේමින්...කිම් ටේමින්..."

ටේමින් එහෙම කියද්දී යුන්රී ටිකක් වෙලා එහෙම්මම ටේමින්ගේ මූන දිහා බලන් හිටියා...

"මින්....ඔයාට මාව මතක නැද්ද..?"

යුන්රී ටේමින්ව අදුරගත්තා...එයයි බනී එක්ක පොඩි කාලේ සෙල්ලම් කරපු යාලුවා ගොඩක් වෙනස් වෙලා කියලා යුන්රීට හිතුනා....

"දෙයියනේ...යුන්රී ඔයාව අදුරගන්නත් අමාරුයි...."

ටේමින් එහෙම කියන ගමන් යුන්රීව තදින් බදාගත්තා...මොකද ටේමින්ගේ එකම ආදරේ උනේ යුන්රී...එයාව හම්බුනා කියන සතුට ටේමින්ගේ හිතේ තදින්ම කාවැදුනා...

"එහෙනම් මේක තමයි අප්පගේ සර්ප්‍රයිස් එක..."

ටේමින් යුන්රීගෙන් ඈත් වෙන ගමන් කිව්වා...

"මොන සර්ප්‍රයිස් එකද?."

"ආනී...අප්පා කිව්වා ලොකු සර්ප්‍රයිස් එකක් තියෙනවා ඔයාට ස්කූල් එකේ කියලා...මං හිතන්නේ අප්පා කියලා තියෙන්නේ ඔයා ගැන..."

ටේමින් එහෙම කියලා හිනාවෙනකොට යුන්රීත් එයත් එක්ක හයියෙන් හිනාවුනේ සම්චොන් කොහොමත් මේ වගේ වැඩ කරන නිසා....

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now