Dear Diaryna ❤️ 03

314 68 9
                                    

ජන්ග්කුක් යුන්රීව අතෑරලා කේන්තියෙන් ගියේ රූෆ්ටොප් එකට....

ඒකපාරටම එයාගේ ඔලුව රිදෙන්න පටන් ගත්තා...ජන්ග්කුක් ඔලුවත් අල්ලගෙන එතනම බිම ඉදගත්තා....

"ආයිශ්....මේ ඔලුව...."

එයාට එකපාරටම පෙනුනේ යුන්රීගේ කදුලු පිරිච්ච ඇස්...ඒ ඇස් ජන්ග්කුක්ට කාවහරි මතක් කරලා දෙන්න උත්සහා කලා....

"ආහ්හ්හ්හ්...දෙයියනේ..."

ඔලුව කැක්කුම තවත් දරුණු වෙන්න පටන් ගත්තා...එයාගේ ඔලුව පුපුරන්න වගේ....

ඒත් එක්කම එයාගේ දැක්කේ පොඩි ළමයි දෙන්නෙක් ලොකු ගහක් යට තිබුණු බෙන්ච් එකක ඉදගෙන ඉන්න හැටි...එක්කෙනෙක් චූටි ගෑනු ළමයෙක්...අනිත් කෙනා චූටි පිරිමි දරුවෙක්...එයාගේ හීනවලත් ඒ දෙන්නා හිටියා කියලා එයාට මතක් උනා...

"එයා මගේ පොඩි කාලේ වගේ..."

ජන්ග්කුක් එහෙම හිතුවා...ඒ පොඩි කොල්ලා හිටියේ ඒ චුටි කෙල්ලව බදාගෙන...ඒ කෙල්ල හිටියේ අඩන ගමන්...

"අලේ බනී...මාව දාලා නන්න එපා..."

ඒ චූටි කෙල්ල හොදටම අඩනවා...

"අලේ...මං ඉම්මන්ට එනෝ ඔවාව බලන්න...හලිද?...එතකන් මාව අමතක කලන්න එපා හුදේ?.."

පොඩි කොල්ලා කෙල්ලගේ කදුලු පිහදාන ගමන් කිව්වා...

"හලී...."

ඒ කෙල්ලගේ කදුලු පිරුණු ඇස් දකින වෙලාවට ආපහු කෙනෙක්ව මතක් වෙන්න ගත්තා...ඔලුවත් අල්ලගෙන ගුලිවෙලා හිටපු ජන්ග්කුක්ට ටික වෙලාවක් යනකොට ඒ දැනිච්ච වේදනාව අඩුවෙන්න පටන් ගත්තා....

"ඒ මොකද්ද ඒ මට උනේ...."

ජන්ග්කුක් ඇස් දෙක පියාගෙනම හිතන්න ගත්තා....

"ඒ කවුද ඒ චූටි ළමයි දෙන්නා??...අර පොඩි කොල්ලා ඇයි මගේ පොඩි කාලේ වගේ කියලා හිතෙන්නේ??...අර කෙල්ලගේ කදුලු පිරිච්ච ඇස් මට කාවද මතක් කරලා දෙන්න හදන්න??"

ඒ හැමදේම ගැන ජන්ග්කුක්ට ඇති වුනේ කුතුහලයක්...

"ආහ්...මොන මගුලක්ද මන්දා...ශිට්..."

Dear Diaryna ️❤ ✔️Onde histórias criam vida. Descubra agora