Dear Diaryna ❤️ 04

316 64 12
                                    

සතියක් දෙකක් ගෙවිලා ගියා...මේ අතරතුර මින්හී යුන්රීගේ හොදම යාලුවා උනා...දැන් ඒ දෙන්නට ඒ දෙන්නා නැතුවම බැරිතරම්...

යුන්රී ජන්ග්කුක්ගෙයි එයාගෙයි අතර තියෙන සම්බන්ධෙත්  කිව්වා...මොකද ඒ වගේ වෙලාවට මින්හීගේ උදව් වටින නිසා...

"දැන් උඹ එතකොට කියන්නේ ජන්ග්කුක් උබ පොඩි කාලෙදිම අදුරනවා කියලා"

"දේ...එයාලගේ දෙමාපියොයි අපේ දෙමාපියොයි හොදම යාලුවෝ...එයාගේ පවුලේ එයා විතරයි එකම දරුවා...මගේ පවුලේ ඔප්පයි මමයි...."

"ආහ්....තේරුණා...එතකොට බන් ආයේ එයාට මතකය එන එකක් නැතිවේවිද?"

"අනේ මන්දා බන්...හැබැයි ඔම්මලා නම් කිව්වේ එයාට අතීතේ මොනාහරි දැනගන්න දකින්න හම්බුනොත් මතකය එයි කියලා...ඒත් කවදද කියන්න හරියටම දන්නැල්ලු"

"ඒකත් එහෙමද?"

"හ්ම්ම්ම්...ඉස්සර පොඩි කාලේ නම් බනී ඔච්චර නපුරු නෑ බන්"

"ඒ ඉස්සර බන්...ඒකට දැන්...ඕකාට කෙල්ලො දවසින් දවස...ඒකටම හරියන යාලුවෝ දෙන්නා...ඊව්ව් අප්‍රසන්නයි"

"ආහ්...අහ්හ්...ඔන්න ඉතින්...ජිමින්ට කැමති නෙහ්..."

යුන්රී ඇහුවේ මින්හීගේ ඇස් දෙකට එබිලා....

"මඥ්ඥංද බන්...වෙඩිමක් කතා කරන්නේ"

මින්හී කිව්වේ බොරු කේන්තියකුත් අරගෙනමයි....

මින්හී ජිමින්ට අකමැත්තකුත් නෑ...ඒත් කැමැත්තකුත් නෑ....ජිමින් කියන්නේ කියුට් හොද කොල්ලෙක් කියලා තේරෙනවා ඒත් එයාගේ playboy attitudesවලට අකමැති...

"උබ දන්නවනේ...මං ජිමින්ට අකමැති ඇයි කියලා"

"දේ දේ...ඒත් ඉතින් කොල්ලා උබ ගැන හොයනවනේ"

"ම්ම්ම්...ඔව්...ඒක නම් ඇත්‍ත තමා..."

"ඒකනේ..."

ඊටපස්සේ ඉන්ටවල් එකට බෙල් එක ගැහුවා...

"අඩෝ...යමු බන්...."

මින්හී යුන්රී ඇදගෙන දිව්වේ හත් අවුරුද්දකින් කාලා නැති සෝමාලියානු හිගන්නෙක් වගේ...

"අඩේ උබ නම්...අම්මපා සාගතෙන් පෙලෙනවද?"

යුන්රී කේන්තියෙන් මින්හීගෙන් ඇහුවේ දනිස් දෙක උඩ අත්දෙක තියාගෙන හති අරින ගමන්...

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now