Dear Diaryna ❤ 16

270 57 7
                                    

Jungkook's view
Author POV

ජන්ග්කුක් එදා කලින්ම කොලේජ් එකට ආවා...හේතුවක් නෑ...එන්න හිතුණු නිසා ආවා...යනකොට එච්චර ළමයි ඇවිත් හිටියෙත් නෑ කොලේජ් එකේම...එයාගේ ක්ලාස් එකෙත් එක ළමයෙක්වත් නෑ...

ජන්ග්කුක්ටම පුදුමයි එයා මෙහෙම දවසින් දවස වෙනස් වෙන විදිහ ගැන...

+ඒ යුන්රී නිසාද?
-අම්ම්..සමහර විට වෙන්න පුලුවන්...

ජන්ග්කුක් කෙලින්ම තමන්ගේ ක්ලාස් එකට ඇවිල්ලා බෑග් එක ඩෙස්ක් උඩින් තියලා ලොකු හුස්මක් පිට කරලා ඉනට අත් දෙකත් තියාගෙන පන්තිය වටේම ඇහැ කරකවලා බැලුවා...

ටික වෙලාවක් ඔහොම ඉන්නකොට දැක්කේ යුන්රීගේ ඩෙස්ක් එක යට ලොකර් එකේ පොතක් තියෙනවා...

"මේ මොකද්ද??"

ජන්ග්කුක් තමන්ටම මුමුණ ගන්න ගමන් ලොකර් එක යට තිබ්බ පොත අතට ගත්තා...

ඒක රතු පාට කවරෙකින් ලස්සන කරපු පොතක්...බැලූ බැල්මට පේනවා ඒක ඩයරි එකක් කියලා...

"මේ යුන්රීගෙද?"

ජන්ග්කුක් ඇස් දෙකත් ලොකු කරලා බලන ගමන් පොත පොඩ්ඩක් පෙරලලා බැලුවා...

♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

*..BELONGS TO KIM YOONREE..*

️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️


ඒ විදිහට ඩයරි එකේ ලස්සනට ලියලා තිබ්බා...කොහොමහරි ඒක යුන්රීට ගෙදර ගෙනියන්න අමතක වෙලා කියලා තමා තේරුණා..ඇස් දෙකත් ලොකු කරගන්න ගමන් ජන්ග්කුක් කට කොනට හිනාවක් අරන් ඩයරි එකත් අරන් හිමිච්චා වගේ රූෆ්ටොප් එකට ගියා...

(A/N : මල හත්තිලව්වයි...මේ මොකත මේ වෙම්නේ...)

අනුන්ගේ ඩයරි එකක් කියවන එක නරක පුරුද්දක් තමා...ඒත් ජන්ග්කුක් කරන්නෙම ඒ වගේ වැඩ...වැරැද්දක් කියලා දැන දැනම ඒ වැරැද්දම කරනවා...

රූෆ්ටොප් එකේ බෙන්ච් එකේ ඉදගෙන හිමීට පොත පෙරලලා බැලුවා...මුලින්ම අලවලා තිබ්බේ එයගේ ෆැමිලි ෆොටෝ එකක්...ඊලගට තිබ්බේ එයාගේ පොඩිකාලේ ෆොටො එකක්...ඒ ෆොටෝ එකේ පැත්තක පොඩි කොල්ලෙකුත් යුන්රීගේ අත අල්ලගෙන හිටියා....

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now