Dear Diaryna ❤ 13

276 59 5
                                    

In class_
Author POV

යුන්රී යනකොටත් maths teacher උගන්නන්න පටන් අරන්...

"Excuse me sir..."

යුන්රී නම්ජූන් සර්ට excuse කරලා ඇතුලට ගියා...

"යුන්රී කොහෙද හිටියේ...දැන් පිරීයඩ් එකෙන් භාගයක් විතර ගිහින්..."

නම්ජුන් සර් ඇහි බැමක් උස්සන ගමන් යුන්රීගෙන් ඇහුවම යුන්රී ටිකක් කලබල වුනා...

"චොසම්නිදා (Sorry : Formal way) සොසෙංග්නිම් (Teacher) මං ඩොක්ටර් ජින්ව පොඩ්ඩක් හම්බවෙන්න ගියා..."

යුන්රී එහෙම කියද්දී නම්ජුන් ඒ උත්තරෙන් සෑහීමකට පත් වුනු බවක් පෙන්නලා ඇතුලට එන්න කියලා අතින් සන් කලා...

"හැබැයි ආයේ මෙහෙම පරක්කු වෙන්න බෑ..."

නම්ජුන් සර් හිනාවෙලා ඒත් තදින් වගේ කියද්දී යුන්රී ගිහින් තමන්ගේ තැනින් වාඩිවුනා...

"කොහෙද බන් ගියේ?..."

මින්හි යුන්රීගේ කනට නැවිලා අහද්දී යුන්රී හිමීට,

"වොශ් රූම් ගියා බන්...පොඩි වැඩක් වුනා එතනදී...මං පස්සේ විස්‍තරේ කියන්නම්..."

යුන්රී එහෙම කියලා ආපහු නම්ජුන් සර් බෝඩ් එකේ ලියන සමගාමී සමීකරණ දිහාට අවධානය දුන්නා...

(A/N : ඕතර්ට ගණිතය අරහං...😪ඒත් O/L Maths A එකක්...😂)

"අප්පා...මොනාද බන් මේ හදන්නේ..."

ජන්ග්කුක් මූනත් අකුලගෙන තමන්ට එහා පැත්තේ හිටපු ජිමින් ටේ දෙන්නට කිව්වා...

"3/5a + 1/2b = 3 ------- (1)
  1/2a - 1/3b = 8 -------- (2) ඉක්මනට මේ ගාන හදලා මට උත්තරේ කියන්න බලන්න ළමයි"

නම්ජුන් සර් එහෙම කියලා ළමයි දිහා බැලුවා...

"ජන්ග්කුක්!!!! ජිමින්!!!!! ටේහ්‍යුන්ග්!!!!!!"

මනෝලෝකගත වෙලා හිටපු කොල්ලෝ තුන්දෙනා මුකුත්ම අහන් හිටියේ නෑ ඉතින් නම්ජුන් සර් කියපුවා...😂

සර්ට තේරුණා මුන් තුන්දෙනා ඉන්නේ පන්තියේ නෙවෙයි කියලා...
😂

නම්ජුන් සර්ගේ සද්දෙට තුන්දෙනාම ගැස්සිලා වගේ මනෝලෝකෙන් පන්තියට කඩා පාත් වුනා...ජිමින් නම්ජුන්ගේ සද්දේ ඇහිච්ච ගමන් භූමි වන්දනාවත් කලා...😂 ඉතුරු දෙන්නා පුටුත් පස්සට කරලා නැගිට්ටේ වෙඩිල්ල වගේ නැගිටිද්දී ජිමින් පස්සත් අතගගා ඩෙස්ක් එකත් අල්ලන් මූන බෙරි කරන් නැගිට්ටා...😪😂

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now