Dear Diaryna ❤ 17

255 54 8
                                    

After 3 weeks

දින සති ගෙවිලා ගියේ බොහොම ඉක්මනින්...ඒ වගේම ලීනාගේ නිශ්ශබ්දතාවය ජන්ග්කුක්ගේ හිතේ හැමවෙලේම නොසන්සුන් කමක් ඇති කරා...

කොලේජ් එකේදී උනත් ලීනා හැසිරුණේ හරිම සාමාන්‍ය විදිහට...ඒ කොහොම උනත් ජන්ග්කුක්ට නම් ලීනා ගැන ඇති උනේ සැකයක්...කොටින්ම කිව්වොත් ලීනාගේ සන්සුන් බවත් ජන්ග්කුක්ට සැකයක්...

මේ දවස් ටිකේම ජන්ග්කුක් කලේ යුන්රීව ආරක්ශා කරන්න උත්සහ කරපු එක...මොකද ලීනාගෙන් වැඩිපුර තර්ජනයක් තිබ්බේ යුන්රීට නිසා...

ඒ වගේම ජන්ග්කුක්ගේ ඔම්මටත් අප්පටත් සතුටු හිතුනා ජන්ග්කුක්ගේ මතකය ආපු එකට...ටේහ්‍යුන්ග් ජිමින් දෙන්නම ජන්ග්කුක්ට හුගක් උදව් කලා...

ජන්ග්කුක් හැමදාම උදේට යුන්රීගේ ගෙදරට ගිහින් යුන්රීත් එක්කම කොලේජ් යනවා...ආපහු කොලේජ් ඉවර වුනාම යුන්රීව ගෙදරට ඇරවලයි ජන්ග්කුක් යන්නේ...යුන්රීට ජන්ග්කුක්ගේ වෙනසක් තේරුණත් ඒක ගානකට ගත්තේ නෑ...එන්න ඕනි නෑ කියන හැමවතාවකම ජන්ග්කුක් කොහොමහරි යුන්රීත් එක්ක ආවා...

ඒත් ඉස්සරහටත් මෙහෙම ආරක්ශා කරගන්න පුලුවන් වෙයිද?

(A/N : මොකද කියන්නේ...කාට හරි ගේමක් දෙන්නත...🌚🌝)

අදත් වෙනදා වගේම ජන්ග්කුක් යුන්රීගේ ගෙදර ගාවට ආවා...

"ඔම්මා....මං යනෝ......"

ජන්ග්කුක් එතනට යනකොටම යුන්රී ඔම්මටත් කතා කරලම ගේට්ටුවත් ඇරගෙන එලියට ආවා...

"ජන්ග්කුක්...."

යුන්රී ජන්ග්කුක්ට හිනාවෙන ගමන් කතා කලා...

"අපි යමුද?"

"යමු..."

ජන්ග්කුක් යුන්රී දෙන්නම කතා කර කරම ඉස්සරහට ගියා...ගස්වල කොළ පවා හිමීට හැලෙන්න පටන් ගත්තේ මේ අවස්ථාව තවත් ලස්සන කරන්න වගේ...ජන්ග්කුක් හොරෙන් යුන්රී දිහාත් යුන්රී හිමින් ජන්ග්කුක් දිහාත් බලන්න ගත්තා...ඒක හරිම ආදරණීයයි...

ඒ අතරේ ජන්ග්කුක් ඉක්මනට නැවැතුනා...යුන්රීත් අඩි දෙකක් විතර ඉස්සරහට ගියාට පස්සේ තමයි ජන්ග්කුක් නැවතුනා කියලා දැක්කේ...

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now