Dear Diaryna ❤️ 06

304 66 12
                                    

Next Day

"තමුන්ට කොහෙන් ආව හයියක්ද මගේ බෝයිෆ්‍රෙන්ඩ්ව අල්ලන්න තරම්...ආ..."

________________________________________________________________________

මේකයි වෙලා තියෙන්නේ....✋

යුන්රී ඉන්ටවල් එක වෙලාවේ තනියම කැන්ටින් එකට ආවේ මින්හීට වොශ් රූම් යන්න ඕනි කිව්ව නිසා...

"උබ පලයන්...නැත්තන් මං පිපිරිලා මැරෙයි..."

"හාපෝ...පල පල...මෙතන ගදගස්සන්නේ නැතුව"

යුන්රී හිනාවෙවී කියන ගමන් කැන්ටින් එකට ගියා...මේ අතරේ කෙල්ලෝ ටිකක් යුන්රී එන පෙරමග හිටියේ යුන්රීට පොඩි කරදරයක් දීලා සතුටු වෙන්න හිතාගෙන....යුන්රීත් එක්ක කොලේජ් එකේ සම වයස් කෙල්ලෝ ජෙලස්...

යුන්රී හිමීට හිමීට කැන්ටින් එක ඇතුලට ගියා...එතන හිටපු කෙල්ලෝ ටික කකුල් මාට්ටුවක් දානවා යුන්රී දැක්කේ නෑ...ඒත් එක්කම යුන්රී වැටෙන්න ගියා...බයටම ඇස් දෙක පියාගත්තා...ටික වෙලාවක් යනකන් එයා එහෙම්මම හිටියේ මොකෝ මේ වැටෙන්න පරක්කු කියලා හිතන ගමන්...

එයාට දැනුනේ අතක් එයාගේ ඉන වටේ එතිලා තියෙනවා...ඒ වගේම ඒ කෙනා හිටියේ තමන්ට හුගක් ලගින් කියලා දැනුනේ ඒ කෙනාගේ හුස්ම යුන්රීගේ මූනේ වැදෙන්න ගත්තු නිසා ....

යුන්රී හිමීට ඇස් ඇරියා...

"ජන්ග්කුක්...."

ඔව් ඒ ජන්ග්කුක්....

එයා ජිමින් ටේ දෙන්නත් එක්ක කැන්ටිමට ආවා...ටික වෙලාවකින් දැක්කේ යුන්රී කැන්ටින් එක පැත්තට එන විදිහ...

"වාහ්...එයා හරි ලස්සනයි...යාහ්...ජන්ග්කුකා...මොනාද මේ හිතන්නේ...ආයිශ්..."

ජන්ග්කුක් තමන්ගේ ඔලුවට ගහගෙන යුන්රී දිහා බලාගෙන හිනාවෙන ගමන් එහෙම හිතුවා...ඒත් ඇයි එහෙම හිතුවේ කියලා හිතාගන්න බෑ....මොකද්දෝ හේතුවකට කොල්ලා කෙල්ලට ආකර්ෂණය වෙලා...ඒ වගේම කලින් ඉදන් අදුරනවා කියලත් දැනෙනවා...

ඒ විදිහට කෙල්ල දිහා බලන් හිටපු ජන්ග්කුක් දැක්කේ ඉස්සරහා හිටපු කෙල්ලෝ ටික දාපු කකුල් මාට්ටුවෙන් යුන්රී වැටෙන්න යනවා...ඒත් එක්කම ජන්ග්කුක් එතනට දිව්වේ සොනික්ගේ පුංචි අම්මා වැහුනා වගේ...

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now