මං මොනාත් කියන්නත් කලින් එයා මගෙ අතින් ඇදගෙන යන්න ගත්තා. ජීසෝ කට ඇරන් බලන් ඉන්නවා. ජීසෝ විතරක් නම් කමක් නෑ මුළු කැම්පස් එකම අපි දිහා බලාගෙන. හුඟක් කෙල්ලො කොල්ලො හරි ඉරිසියාවෙන් මං දිහා බලන් ඉන්නවා. මොනාද මේ වෙන්නෙ? මෙයා කවුද? කොහෙද මාව මේ එක්කන් යන්නෙ?
ජේකේ මාව ඇදන් ඇවිත් ග්‍රවුන්ඩ් එකේ කෙලවර තිබුනු චෙරි ගහක් යට නැවතුනා. නෑ.. කවුරුත්ම පේන්න නැහැ. ඒත් මාව ගැහෙනවා... ඇයි.. ඇයි මෙහෙම වෙන්නෙ? කා ලඟදිවත් නොදැනෙන විදිහට මෙයා ලඟදි විතරක් දැනෙන මේ අමුතු හැඟීම.. ඒ මොකක්ද...?
එයා මාව අර ගහට හේත්තු කරලා අනිත් අතින් මාව ගහට තද කරන් මහ සැරට රවාගෙන මගේ ඉස්සරහින් හිට ගත්තා.
"තමුන් කවුද කියනවා"
හාහ්? මාව ඇදන් ඇවිත් දැන් මගෙන් මං කවුද අහන්නෙ? බැරිවෙලාවත් මේ මනුස්සයාට පිස්සුවත්ද?
"ඇයි කට නැද්ද? කතා කරනවා.."
අශ්... මෙයා දැං ඊයෙ මං ගැන හෙව්වා කිව්වෙ. සමහරවිට හොයාගන්න බැරිවෙන්න ඇති. පුහ් මහ ලොකු පණ්ඩිතයා.
"ජ්..ජිමින්... මම ජිමින්"
"මම ඒක දන්නව ඕයි. මට තමුන් කවුද කියනවා. මීට කලින් කොහෙදිද මාව හම්බුනේ.. ආහ්? කතා කරනවා.. තමුන් මොනාද මට කරේ කියනවා."
"මොකක්? මං.. මං මුකුත් කරේ නෑ..."
"අ..ශ්... තමුන් මාව දන්නවද? මට තමුන්ව හොදට මතකයි. ඒත් ඒ කොහෙදිද? උනේ මොකක්ද කියලා මට මතක නෑ. මොන.. මොන... අ...ශ්..."
කේන්තිය කන්ට්‍රෝල් නැතුව ගියපු එයා එකපාරම අත මිටමොළවලා හරි වේගෙන් අර ගහට ගැහුවා. දෙයියනේ මොන මෝඩයෙක් ද මේ?
අහ්හ්... කේන්තියටද දුකටද මන්දා ඒ ඇස් හොදටම රතුවෙලා. රෝස ගැහිච්ච තොල් ඕනෙවටත් වඩා වෙව්ලනවා..
ගහපු පාරට එයාගෙ අතින් ලේ එනවා. මම ලං වෙලා ඒ අත අල්ලන්න හදද්දිම එයා හරි නපුරු පාටට රවාගෙන මගෙ දිහා බැලුවා
"පිස්සුද තමුසෙට? මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ ආහ්? ශිට්.."
"ඔ ඔයාගෙ අ.. අත"
YOU ARE READING
Don't Leave me
FanfictionDEAR SWEETHEART..., FIGHT WITH ME, FIGHT FOR ME BUT DON'T EVER LEAVE ME...