Chapter 7

609 140 21
                                    

Jk's p.o.v.

මෝචිට ගහපු එකා කවුරු උනත් ඌව මං ලේසියෙන් අතාරින්නෙ නෑ. ඌ අත තිබ්බෙ මගේ දේකට. ගහනවටත් වඩා උන් එයාට දසවද දීලා තිබුණා.. ඒ ඇස්වල තිබුණෙ ජීවිතේ ගැන පවා අප්පිරියාවක්.. තිරිසන්නු මගෙ රෝස මල විනාසම කරලා...

ලේ පෙරන් ඇවිත් එයා මං ඉස්සරහා ඇස් පියන් වැටුන හැටි මට මැවි මැවී පේනවා.

දැන් නං සිහිය ඇවිත් ඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් නං සිහිය ඇවිත් ඇති.. ඒ වෙලාවෙ හා පැටියෙක් වගේ පපුවට තුරුල් වෙලා හිටියා. අශ්... මූණ චුට්ටක්වත් බලාගන්න තිබ්බනං ඇති.. ඒත් මං එනවට කැමතිවෙයිද එයා?

මොනාද මෝචි ඒ ඔයා ඒ වෙලාවෙ කිව්වෙ? ඔයා හිතන් ඉන්නෙ ඔයාට ගහන්න මම කට්ටිය එවනව කියලද? මං ගැන ඒ තරම් පහත් විදිහටද මැණික හිතන් ඉන්නෙ?

මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ වෙලා. එක අතකට එයා එහෙම හිතන එක සාධාරණයි. මං මොනාද ඒ අහිංසකයට නොකලේ? දැක්ක දවසේ ඉදන් වද දුන්න එකනෙ කලේ..

සමාවෙන්න මැණික.. ආයිමත් ඔයාට සීරීමක්වත් වෙන්න නොදී රකින්නම්.. මේක පොරොන්දුවක්. ඔයා මේ විදෙව්වා ඕනෙවටත් වැඩී.. මං බරට හුස්මක් අතාරින ගමන් ඔහේ තනියම හිතුවා..

කැම්පස් එකේ ළමයින්ව මෙහෙම බුලී වෙන එක සාමාන්‍ය දෙයක්.. අපි අතින් විශේෂෙන්ම මං අතින් ඒකට නොසෑහෙන දායකත්වයක් හම්බෙනවා දවස ගානෙම.. ඒත් ඇයි ඔයා වෙනුවෙන් හිත මෙච්චර ගැහෙන්නෙ මෝචී? මොකක්ද මේ පපුව හූරන හැඟීම? ඇයි මට මෙච්චර රිදෙන්නෙ.. වේදනාව උතුරන ඔය ඇස් හැමතිස්සෙම මැවි මැවී පේන්නෙ..

ආදරේද? ඒ ආදරේද බබා? මං ඔයාට ආදරේ කරන්න අරන්ද? මටත් නොදැනිම මගෙ තොල් අතරෙ ලා හිනාවක් ඇදුනා... ඔව් එයා තමයි හොදම කෙනා.. මට ගැලපෙනම මගෙ ආදරේ ලබන්න සුදුසුම කෙනා...

Don't Leave meWhere stories live. Discover now