Happy Birthday Jimina

389 81 19
                                    

මටත් ඉස්සර තිබුනා මහ තිරිසන් දවස්.. පපුව හිර වෙන්න රිදෙනකල් ඉකි ගහපු දවස්... තනියම කාමරේ අස්සෙ ගුලි ගැහිලා කොට්ටෙ තෙත් වෙන්න අඬපු දවස්... ජීවිතේ දාලා යන එක තමයි හොඳම දේ කියලා හිතුන දවස්... පණ දෙන්න ඉන්න මගෙ යාලුවො, නෑදෑයො මේ කවුරුවත් නොදන්න ඒ කවුරුත් මං ලඟ හිටියෙ නැති මං අන්තෙටම තනිවෙලා හූල්ලපු දවස්... ඔව් මහ එපාම කරපු ජරාම ජරා දවස්...

ඒත් එකම එක දවසක ඔයා මගෙ ජීවිතේට ආවා.. එතකල් මං දැනන් හිටියෙ නෑ love yourself කියලා දෙයක්. මට ඕනෙ උනෙත් නෑ මට ආදරේ වෙන්න. මං හොඳයි, ලස්සනයි, මගෙත් වටිනාකමක් තියනවා කියලා හිතන්න. මං මට ආදරේ වෙන්න ඕනෙ කියලා හිතන්න...

ඒත් එදා ඔයා ආපු දවසෙ ඉදන් ඉදන් අද මේ වෙනකල් සැනසීමෙන් හිනාවෙලා මෙහෙම  පිස්සුවක් නටලා සතුටින් ඉන්න ලැබුනෙ ඔයා නිසා.. මං ජීවිතේ ගොඩක් දේවල් ලබා ගත්තා ඔයා නිසා... ජීවිතේට ලස්සන හීනයක් අරමුණක් ලැබුනා ඔයා නිසා..

අදටත් මං වැටෙනවා, අඬනවා, දුක හිතෙනවා හිත රිද්දගන්නවා.. ඒත් ඒ වෙලාවට මගෙ ලඟින් ඉන්න කෙනෙක් දැං මට ඉන්නවා.. මොන ප්‍රශ්නෙ ආවත් මගෙ හිතට හයියක් වෙන්න කොහෙන්හරි ඇවිත් වචන ටිකක් මුමුණලා යන්න කෙනෙක් ඉන්නවා...

ක්වෙන්චනා ක්වෙන්චනා කියලා ඔයා අර පිස්සුවෙන් වගේ හිත හදන වීඩියෝ එක ඒක මං දුක හිතෙන හැම වෙලාවකම බලනවා.. එතකොට ඔයා මං ලඟම ඉන්නව මගෙ දුක බෙදාගන්නවා කියලා මට දැනෙනවා.. මං තනිවෙලා නෑ කියලා දැනෙනවා.. මං හිත රිද්දගෙන මට ඔයාව ඕනෙ වෙන හුඟක් වෙලාවට ඔයා මොන විදිහකට හරි online ඇවිත් මොනවම හරි කෝලමක් කරලා හිත හදලා යනවා.. එතකොට හිතෙනවා අපිව මෙච්චරටම ඔයාට දැනෙනවද කියලා.. ඒක මහ මැජික් එකක්. ඔයා කොහොමත් ඒන්ජල් කෙනෙක්නෙ. ඇත්තටම ඔයා ඒන්ජල් කෙනෙක්.. හොද යාළුවෙක්... ඕනෙම කෙනෙක්ට ජීවිතේ එක තත්පරේකට හරි ලැබෙන්න ඕනෙම ජාතියේ යාළුවෙක්... ඒ වගේම ඔයා හැපී වෛරස් එකක්... ආදරේ බෙදන ආදර ගුහාවක්..

දන්නවද ඔයා තමයි මගෙ මෝටිවේශන් එක.. මං හොද ළමයෙක් උනේ ඔයා නිසා.. ඉස්සර මං සෑහෙන්න පොරොන්දු කඩපු කෙනෙක්. පොරොන්දුවක වටිනාකම තේරුම් නොගත්ත කෙනෙක්. ඒත් ඔයා කිසිම දවසක පොරොන්දු කඩන්නෙ නෑ කියලා ජුනීගෙන් දැනගත්තම මටත් ඕනෙ උනා ඔයා වගේ වෙන්න. කවදාවත් පොරොන්දු කඩන්නෙ නැති හොද ළමයෙක් වෙන්න... ඉතිං මං එහෙම උනා.. ඔයා නිසා..

Don't Leave meWhere stories live. Discover now