Chapter 32

413 99 64
                                    


Jin's p.o.v.
 
"මට කුකී ගැන බයයි බබා... මෝචි ගියපු වෙලාවෙ ඉදන් ඔතන ඔය විදිහටම ඉදගෙන හූල්ලනවා... වතුර උගුරක්වත් බිව්වෙ නෑ තව වෙනකල්.. මේ ළමයා අසනීප වෙයි මෙහෙම ගියොත්.."

කන්න දුන්න චීස් කේක් කෑල්ල ඔහේ එහාමෙහා පෙරල පෙරල ඉන්න ජුනීට එහාපැත්තෙන් ඉදගන්න ගමන් මම එයාට තුරුල් වීගෙන කිව්වා...

"ඇයි මැණික ජිමින් ඔහොම කරන්න ඇත්තෙ?"

"ඔයත් ඒ කතා විශ්වාස කරනවද ජූන්?? ඔයා ඒ කොල්ලා හිටපු හැටි දැක්කද? යුංගි උනත් කොල්ලට අත ඉස්සුවෙ එවෙලෙ තිබුනෙ කේන්තියටයි කුකී ගැන බයටයි.."

"නෑ මං ඇහුවෙ කොල්ලා හදිස්සියෙ ඔහොම බොරු තොගයක් කියන් ගියෙ මොකක් නිසා වෙන්න ඇතිද කියලා බබී.."

ජුනී චූටි කේක් කෑල්ලක් ෆෝක් එකට අරන් මගෙ කටට ලන් කලා...

"ම්හු ඔයා කන්නකො.. උදේටත් මුකුත් කෑවෙ නෑනෙ ඔයා..."

"ඉතිං ඔයා කාලත් නෑනෙ මැණික.."

උදේට කන්න තියා උයන්නවත් වෙලාවක් තිබුනෙ නෑ... ඒ වෙච්ච දේවල්වලින් පස්සෙ කුකී ලඟ මුර කරනවා ඇරුනම කාටවත් වතුර උගුරක්වත් බොන්න සිහියක් තිබුනෙත් නෑ...

 ඒ වෙච්ච දේවල්වලින් පස්සෙ කුකී ලඟ මුර කරනවා ඇරුනම කාටවත් වතුර උගුරක්වත් බොන්න සිහියක් තිබුනෙත් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔයාට බඩගිනි පාටයි ජූන්..."

"මට මේව කන්න බෑ බබී..."

"අනේ කියන්න එපැයි මැණික... ඉන්න මම ටක්ගාලා බත් චුට්ටක් උයන්නම්.. කිම්චි ටිකක් එහෙම ඇති... තව පොඩි පොඩි දේවල් ටිකක් හදලා ගමු.."

"කුකීගෙ අප්පා කොල්ලව බය කරාද දන්නෑ ජිනී.."

ජිමින් අමුතුවට හැසිරෙන්න ගත්තු වෙලාවෙ ඉදන්ම මගෙ හිතෙත් ඔය කතාව හොල්මන් කලත් කුකීගෙ අප්පා එහෙම හැංගි හැංගි විකාර කර කර ඉන්න ජාතියේ මනුස්සයෙක්
නොවන හින්දම ඒ සැකේ හිතින් අයින් කරලා දැම්මා..

Don't Leave meWhere stories live. Discover now