Jimin's p.o.v.
එදා හවස මම ගෙදර නොයා හොබීලගෙ ගෙදර නැවතුනේ මේ වෙච්ච දේවල් ඔම්මට කියන්න බැරි නිසා. කොහොම කියන්නද? ඒ මනුස්සයාගෙ පපුව පැලෙයි දැනගත්තොත්.. Assignment එකක් නිසා සතියක් දෙකක් මෙහෙ ඉන්න වෙනවා කිව්වම ඔම්මා වැඩි කැමැත්තක් නොපෙන්නුවත් හා කිව්වා.
අප්පත් බිස්නස් ටුවර් එකක් ගිහින්. ඔම්මට තනියම තමයි ඉන්න වෙන්නෙ. පව්.. ඒත් මං වෙන මොනව කරන්නද?
චූටිකාලෙ ඉදන්ම නිතරම මං අසනීප වෙන නිසා කොහොමත් එයා මං ගැන හරි බයෙන් ඉන්නෙ. මෙහෙම ගෙදර ගියොත් තවත් හොදටම කලඹල වෙයි.
(A/N : එයාට පොඩිකාලෙ ඉදන්ම අමුතු හීන පේනවා. එයා ඒවට බයයි. ඒ නිසාම නිතරම අසනීප වෙනවා.)
හොබීගෙ ඔම්මයි නංගියිත් එයා වගේමයි. හරි කරුණාවන්තයි. මට හරි ආදරෙයි. ගෙදර හිටපු මුළු කාලෙ පුරාවටම එයාලා මාව එයාලගෙ පවුලෙ කෙනෙක්ව වගේම බලාගත්තා.
මේ ටික දවසට හොබීයි මායි හුඟක් ලං උනා. අපි දෙන්නා හම්බෙලා තාම චූටි දවසක් උනත් ලොකු යාළුකමක් අපිටත් නොදැනී අපි අතරෙ ගොඩනැඟුනා.
එයා මං ගැන වෙනදටත් වඩා හොදට තේරුම් ගත්තා. බිස්නස් ප්‍රශ්න නිසා ගෙදර කරදරවලින් ඔලුව පුරවන් හිටියත් හැමතිස්සෙම මගේ ලඟින් ඉදන් මගෙ හිත හදන්න ට්‍රයි කරා. අසනීපකාරයෙක් නොවී පණ ගහගෙන ජීවත් වෙන්න එයා මට ලොකු හයියක් උනා.
සතියක්ම මං එහෙ හිටියා. ජීසොයි හොබියි මගෙ නෝට්ස් සම්පූර්ණ කරලා හැමදාම හවසට පාඩම් ටික මට හොඳටම පැහැදිලිව කියලා දුන්න හින්දා මට කැම්පස් නොගියා කියලා කිසි පාඩුවක් උනෙත් නෑ.
ඒත් මෙහෙම ගියොත් ඇටෙන්ඩන්ස් වල ප්‍රශ්න එන නිසාත් ගෙදරම ඉදලා ජීවිතේ තවත් කලකිරෙන්න බලයි කියලා ඩොක්ටර් කියලා තිබුන නිසත් මට ආයිමත් කැම්පස් යන්න වුණා.
YOU ARE READING
Don't Leave me
FanfictionDEAR SWEETHEART..., FIGHT WITH ME, FIGHT FOR ME BUT DON'T EVER LEAVE ME...