Chapter 14

591 124 29
                                    

Jimin's p.o.v.

වෙනදා පුරුද්දට උදේම ඇහැරුණත් මට කැම්පස් යන්න තරම් මූඩ් එකක් තිබුණෙම නැහැ. ඔලුව තාම බරයි. ඊටත් වඩා හිත බරයි.

සමහරවිට කුකී අද එන එකක් නැහැ.. අද කොහොම හරි සුගා හ්‍යොං එක්ක කතා කරලා මේ පැටලිල්ල ලිහා ගන්න ඕනෙ. අඩුම ගානෙ හොබීයි සුගා හ්‍යොංවුයි හරි සැනසීමෙන් ඉදීනෙ එතකොට.

අශ්... කොහොමද සුගා හ්‍යොංව කන්ටෑක් කරගන්නෙ??? අහ් සමහරවිට ජීසො ලඟ ඇති නම්බර් එක. ඒ පස් දෙනාගෙ නම්බර්ස් ගෑණු ළමයි අතරෙ තියෙන්න පුළුවන් චාන්ස් එක ඕනෙවටත් වඩා වැඩියි.. ඉතිං මං එහෙමම ජීසොට කෝල් එකක් ගත්තා.

"යා.. ජිමිනා... ජිමිනා ඔයාට කොහොමද දැං? බෙහෙත් බිව්වද? හොබී කෝ? ඇයි මේ උදේම කෝල් කලේ අදත් එන්නැද්ද ආ?"

අශ්.. කෝච්චියට අහු උනා වගේ...

"ජීසෝ.. ඔයා ලඟ සුගා හ්‍යොංගෙ නම්බර් එක තියෙයිද?"

දෙයියනේ එයා හුස්මක් ගන්න නැවතුන තප්පරේම මං ඉක්මනට අහගත්තා..

"මොකක්?? අහ් නෑනෙ.. මං ලඟ නැහැ ඒත් ඒක මොකටද ඔයාට?? අහ් අ...ශ් ඔයා සුගා ඔප්පට කැමති කියලා නං කියන්න එපා ඔන්න..."

"වට්??? මොනාද කියවන්නෙ ජීසෝ?? ඔයත් ඒ පාර පටන් ගත්තද?? අහ්... හොබී ඉන්නෙ හුඟක් දුකින්... ඒ දෙන්නට දෙන්නා කැමතියි ජීස්. අපි එයාවයි සුගා හ්‍යොංවයි ලං කරන්න ඕන. එයාලා දේවල් වැරදියට තේරුම් අරන් මේ ඉන්නෙ.. ඒක හරිගැස්සුවම සේරම හරි. මේ දෙන්නා මෙහෙම දෙපැත්තකට වෙලා කවදා වෙනකල් විදවන්නද ජීසෝ?"

"ආහ්... හොබියා.. මේ අපේ හොබියා.. යා.. ඒ මෝඩ ඌරා මට කිව්වෙවත් නෑ.. අශ්.. අල්ලගන්නම්කො මං අද ආවම.. අහ් ජිමිනා මේ.. මං ලඟ ටේ ඔප්පගෙ නම්බර් එකනම් තියෙයි. ඒත් මේ මං ජීවිතේට කතා කරලනම් නැහැ. හැබැයි ෂුවර් එකටම නම්බර් එකනම් එයාගෙ තමයි. හොදටම විශ්වාස කෙනෙක්ගෙන් ඉල්ලගත්තෙ. ඔයාට පුළුවන් ටේ ඔප්පට කතා කරලා ඉල්ලගන්න. එයා දෙයි.."

ජීසෝ ටේ හ්‍යොං ගැන කියද්දි ගැස්සෙනවා... පව් කෙල්ල.. කොහොමත් එයාගෙ ක්‍රශ් එකනෙ. ටේත් දැං සතියක දෙකක ඉදන් ජීසෝ පස්සෙන් වැටිලා කියලා හොබී ලඟදි දවසක කිව්වා. මෙහෙමම ඒකත් හරියනවනම් කොච්චර දෙයක්ද..

Don't Leave meWhere stories live. Discover now