Chapter 29

460 105 42
                                    


"ඔම්මා... අප්පාහ්.. ඔයාලා කොහෙද??"

සාලෙ පුරාවට වැටිලා තියන ලේ බින්දු මැද්දෙන් කෑගහගෙනම මං ගේ ඇතුළට දිව්වා.. අනේ කරදරයක් නම් වෙන්න එපා.. මගෙ හිත දිගින් දිගටම මිමිණුවෙ ඒක.

"පුතේ... අනේ මගෙ මැණික.."

එකපාරම මගෙ රූම් එකෙන් මතු උනේ ලේ තැවරිච්ච ඇඳුමක් එක්ක ඔම්මා..
එයා කෑගහගෙනම ඇවිත් තද කරලා මාව බදාගත්තා...

එතකොටයි මම පිටිපස්සෙන් හිටපු අප්පව දැක්කෙ. එයා ඇදේ දිගා වෙලා අසරණ මූණකින් මං දිහා බලාගෙනම හිටියා... ඇස්පිල්ලමක්වත් ගහන්නැතුව මං දිහාම බලාගෙන...

"අප්පාහ්..."

මං කෑගහගෙනම ගිහින් අප්පා ලඟින් දණගහගත්තා..

එයාගෙ ඔලුව තුවාල වෙලා.. කකුලක් පුරාවට ලොකු ප්ලාස්ටර් එකක් ගහලා.. මේ හැමතැනම තියෙන්නෙ එයාගෙ ලේ... එයාගෙන් හුඟක් ලේ යන්න ඇති... අප්පා හරි මහන්සි පාටට අඩවන් වෙච්ච කඳුළු බේරෙන ඇස් එක්ක දිගටම මං දිහා බලන් හිටියා..

"එයාට ඔයාව ඉක්මනට බලන්න ඕනෙ උනා චිම්.. ඔයාට කරදරයක් ද කියලා බය උනා.. ඒකයි මං ඔයාට එන්න හදිස්සි කලේ.. බැරිම තැන ඔයාගෙ රූම් එකට ගෙනාවා."

"මොකක්ද උනේ ඔම්මා??"

අපි ලඟට ඇවිත් බිම දණගහන් මගෙ ඔලුව අතගාන්න ගත්තු ඔම්මගෙන් අප්පගෙ දිහාවටම ඇස් තියාගෙන මං ඇහුවා..

"ඔයා කාටහරි ආදරේ කරනවද මැණික?"

ඔම්මා මගෙ ප්‍රශ්නෙ මගෑරලා අහපු දෙයින් මගෙ පපුව හරි වේගෙන් වේගෙන් ගැහෙන්න ගත්තා.. ඇයි කුකී ගැන අහන්නෙ... ඔම්මලා කොහොමද එයා ගැන දන්නෙ..

"ඔම්මාහ්.."

"පුතේ අපි එයාව අමතක කරමු. අනේ මට ඔයාව ආයිත් නැති කරගන්න බෑ රත්තරනේ..."

ඔම්මා කෑගහගෙනම මාව බදාගත්තා.. මොනවද මේ වෙන්නෙ? බැරිවෙලාවත් මේ දේවල් කුකීගෙ අප්පගෙ වැඩද??

"අනේ මට මොකක්ද උනේ කියලා කියන්නකො ඔම්මා.. අප්පට මේ මොකක්ද උනේ..? ඇයි මේ තුවාල?"

ඔම්මා මුකුත්ම නොකියා නැගිටලා කඳුළු පිහ පිහම එළියට ගියා.. ජීසොත් ඒ පස්සෙන් එළියට යද්දි මං ඔහේ දිගටම අප්පා දිහාම බලාගෙන හිටියා...

Don't Leave meWhere stories live. Discover now