Jk's p.o.v.
"මෝචි.. බබා ඇයි මේ? ඇස් අරින්න මැණික..."
කොච්චර කොහොම කතා කරත් කිසිම හැලහොල්මනක් නැතුව මගෙ පපුවට වැටීගෙන ඉන්න මෝචිව හරහට වඩාගත්තු මං එහෙමම කැම්පස් එකේ mc එකට දිව්වෙ හොබීයි සුගා හ්‍යොංවුයිත් හරි කලඹලෙන් මගේ පස්සෙන් දුවන් එද්දිමයි.
"එයා ඉන්නෙ ශොක් එකක. මෙයාව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නුවොත් හොඳයි මට හිතෙන්නෙ."
ඩොක්ටර් කිව්ව දෙයින් මාව තවත් පිස්සු වැටුනා. මාක්ලා කරපු දේ නිසාද එයාට අසනීප උනේ? එතකොට මාත් වග කියන්න ඕනනෙ ඔයා අද මෙහෙම ඉන්න එකට.
"තමුන් මොනවද එයාට කරේ කියනවා... යාහ් එයා තමුන් හම්බෙනකල්ම හොඳට හිනාවෙලා සැනසිල්ලේ හිටියා. තමුසෙව මං මරලා දානවා ආහ් අතාරිනව මාව..."
සුගා හ්‍යොංගෙ අත් අස්සට මැදි වෙච්ච හොබී කේන්තියෙන් කෑ ගහනවා. ඔව් එයා හොඳින් හිටියා තමයි. නෑ මාත්තෙක්ක කතා කරන වෙලාවෙත් එයා හොදින් හිටියා. යන්තම් මවාගත්ත කේන්තියජ් මිසක් ශොක් එකක හිටපු මූඩ් එකක් තිබුනෙම නෑ. එකපාරටමනෙ මෙහෙම උනේ.
ඇයි මේ මොනාද මැණික ඔයාට මේ වෙන්නෙ? මං නිසාද? මං වැරදි දෙයක් කිව්වද? මං හැසිරුන විදිහ නිසාද? ඔයා බයවුණාද?
"ම්ම්හ් ඔ ඔම්මාහ්.."
තදට ඇස් පියන් ලොකු නින්දක හිටපු මෝචි අමාරු කෙදිරිල්ලකුත් එක්ක එකපාරම හිමීට ඇස් ඇරියා.
"මැණික... අනේ ඔයාට මොකද උනේ මං හොඳටම බය උනා."
එයා ආයිමත් ඇස් පියාගත්තෙ මගෙ අතින් තද කරලා අල්ලගෙන.
"මගෙ ඔලුව... ආහ් අනේ ඔලුව රිදෙනවනෙ."
"ඉන්න මං අතගාන්නම්. ඔයාට මොකුත් වෙන්නෙ නෑ පැටියෝ. අපි ඉක්මනට සනීප වෙමූ.."
YOU ARE READING
Don't Leave me
FanfictionDEAR SWEETHEART..., FIGHT WITH ME, FIGHT FOR ME BUT DON'T EVER LEAVE ME...