Chapter 38

412 97 89
                                    


Jk's p.o.v.

අපි චර්ච් ගිහින් එද්දි රෑ හතට අටට විතර ඇති.. මෝචිව හම්බුනු දවසෙ ඉදන් මේ මොහොත වෙනකල් ගෙවිච්ච කාලෙදි එයා අද තමයි මෙච්චර සතුටින් සැනසීමෙන් හිනාවෙලා ඉන්නවා මම දැක්කෙ.. දෙවියන් වහන්සේ ලඟදි දැනෙන ඒ හිත නිවන හැඟීම අපිව ප්‍රශ්නවලින් දුර ඈතකට ගෙනිච්චා.. එයා ආසයි චර්ච් එන්න...

"කුකී.. අපි දවසක නම්සන් යං.."

මෝචි අර හීනි ඇස් බෝල කරගෙන මගෙ මූණට එබුනා..

"හ්ම්ම්.."

"අනේ ඇත්තටම ද? කවද්ද යන්නෙ?"

දුවලා දුවලා අරන් ගිහින් ලොකර් එකක දාලා වහගෙන රැකගන්න හිතෙන තරමෙ ලෝබපාට හිනාවකින් ඒ මූණ පිපිරුණා..

"දැං යං..."

එයා බාගෙට ඇරුනු කටත්තෙක්ක ආයෙමත් ඇස් බෝල කරගත්තා..

"අද ඔයාට මහන්සිනෙ කූ.. අපි වෙන දවසක යන්..."

මූණෙ පිරිච්ච හිනාව එක චුට්ටක්වත් අඩු කරන්නෙ නැතුවම එයා මං දිහාවට ඇස් තියාගෙන කියෙව්වා..

දේවල් හෙටට කල්දාන එක මහ බය හිතෙන දෙයක් මැණික.. කවුද දන්නෙ අපි හෙට වෙද්දි මැරෙයිද කියල..

"නෑ අපි යමු බබා..."

"එහෙනම් මං හ්‍යොංලටත් එන්න කියන්නද?"

අ..ශ් කවුද කිව්වෙ එයාලව එක්කන් යනවා කියලා.. එයාලා ගිහාම අපිට පාඩුවෙ කිස් කරන්නවත් බෑනෙ.. මං ඉක්මනටම එපා කියන්න ඔලුව වැනුවා..

"අනේ කුකී හොබිත් යන්න ආසාවෙන් හිටියෙ.. ජීසොත් අද අපේ ගෙදර නිසා එයාවත් එක්කන් යන්න පුළුවන්.."

යා.. මෙයාට මාත්තෙක්ක නෙවෙයිද නම්සන් යන්න ඕනෙ... මං දුක මූණක් හදාගෙන එයාව චුට්ටක්වත් ගනන් නොගෙන දිගටම කා එක ඩ්‍රයිව් කලා..

"ආ.. ජින් හ්‍යොං අපි නම්සන් යනවා.. ඔව් දැං.. ඔයාලත් යමුකෝ... ඔව්.. හරී... හරි ටේ හ්‍යොංට කියන්න ජීසොවත් එක්කගෙන එන්න කියලා.. ඔයාලා ඉක්මනටම පිටත් වෙන්න. මං අපි ඉන්න තැන ලොකේශන් එවන්නම්..."

අශ් මේ පණ්ඩිත සීයා කිසි ගානක් නැතුව ජින් හ්‍යොං එක්ක ගමන් ප්ලෑන් කරලත් ඉවරයි.. එයා ජීසොටත් කෝල් කරලා ඇඳුම් දෙක තුනක් දාගෙන ඉක්මනට ලෑස්ති වෙන්න කිව්වා..

Don't Leave meWhere stories live. Discover now