Chapter 35

428 116 38
                                    

Suga's p.o.v.

කොල්ලො තුන්දෙනා ටේගෙ කා එකේම මෝචිලගෙ ගෙදර යන්න පිටත් උනාට පස්සෙ මායි හොබී බීච් එකේ හෙවනක තිබුනු ගල් තලාවක් උඩ ඉදගෙන වෙරළට වදින රැල්ල අස්සෙ ඇස් අතරමං කරගත්තා..

අපේ ප්‍රශ්න නොව්නත් හිතන්න කෝටියක් දේවල් අපේ හිත් අස්සෙ හැංගිලා තිබුනා...

"බබා... ඔයා දන්නවද මං මෝචිට කාලයක් ආදරේ කලා.."

හොබී කිව්ව දේට මං පුදුම නොවුනත් එක පාරම එයා එහෙම දෙයක් කිව්වම මාව ගැස්සිලා ගියා..

ඒ දවස්වල මං හොබී ගැන සෑහෙන්න හෙව්වා.. ඉතිං මං දන්නවා එයා මෝචිට කැමැත්තෙන් හිටියා කියන්න.. එයා ඉස්සර මෝචිව බදාගද්දි කිස් කරද්දි මගෙ පපුව පිච්චුනේ මට කේන්ති ගියේ ඒකයි. ඒත් දැං එයාගෙ හිතේ එහෙම හැඟීමක් නැහැ.. ඒක මට දැනෙනවා.. තිබුනනම් එයාට මෙහෙම දෙයක් මාත්තෙක්ක කියාගන්නත් බැහැ.

"ඒක ආදරයක්මත් නෙවෙයි.. නිකම්ම ක්‍රශ් එකක් විතරයි.. චිමී දන්නෙවත් නෑ..."

හොබී දිගටම කියෙව්වා.. ඒ ඇස්වල පසුතැවීමක් දුකක් වේදනාවක්... නෑ.. කිසිම හැඟීමක් නැති හිස් ඇස් දෙක්කින් එයා දිගටම කියෙව්වා..

"ඔයා මට ආදරෙයි කිව්ව දවසෙ මං හිතුවෙ ඔයා චිමීට ආදරෙයි කියලනෙ.. ඔයාට හිතාගන්න පුළුවන් ද මට දැනුන විදිහ... මං මටත් හොරෙන් ඔයාට ආදරේ කරලා.. ඒ මදිවට දැං මං ආදරේ කෙනා මගෙ ක්‍රශ් එකට කැමතියි... මට කෑගහලා අඬන්න ඕනෙ උනා.. හරි දුකයිනෙ ඉතිං එතකොට.. මට පිස්සු නොහැදුනු ටික විතරයි.. මට ඕනෙ උනේ ඔයාව මට විතරක් තියාගන්න.. මටම විතරක්... මෝචි කොහොමත් ජේකේ හ්‍යොංගෙනෙ ඒ වෙද්දි.. මං එයාව හිතින් අතෑරලා හිටියෙ.. මට එයා හ්‍යොංගෙ උන එකට දුකක් දැනුනෙ නෑ... ඒත් මට ඔයාව බෙදාගන්නනං ඕනෙ උනේම නෑ.. චුට්ටක්වත්.."

මං පරිස්සමට හොබීගෙ ඇස්වලින් ගලන කඳුලක් පිහදැම්මා.. ඔයා කවදාහරි මේ දේවල් කියලා හිත නිදහස් කරගන්න ඕනෙ මැණික.. ඔයා හිතනවනම් මේ ඒකට වෙලාව කියලා ඔන්නොහෙ කියලා දාන්න.. ඔක්කොම කියලා දාලා සැනසිල්ලේ හුස්මක් ගන්න.. මං හොබීගෙ ඔලුව පරිස්සමින් අතගාද්දි එයා මගෙ පපුව අස්සෙන් ඔලුව ගහගත්තා...

Don't Leave meWhere stories live. Discover now