Chapter 24

571 108 28
                                    

Jk's p.o.v.

මම පාන්දර ඇහැරුනේ කවුරුහරි ඉකිබිඳින සද්දෙකින්. එළියෙ හොදටම වැස්ස. සද්දෙට ගොරවනවා..

"අනේ එපා.. මම බයයි..."

මෝචී... ඔව් එයා තමයි.. එකපාරම වැදුනු අකුණු එළියකින් මට එයාව පැහැදිලිව ම පෙනුනා. ඇදේ මුල්ලකට ගුලි වෙලා අත් දෙකෙන් කන් වහගෙන අඬනවා..

"මැණික.."

"කුකී... මම බයයි. ක් කුකීගෙ අප්පා.. අප්පා ආවා... එ එයා අතන ඉන්නවා.. බයයි.."

අප්පාහ්?? මං ඉක්මනට ගිහින් දොර ඇරලා බැල්කනි එකට එබුනා.. එළියෙ හොදටම වැස්ස. මනුස්සයෙක් තියා සතෙක්ටවත් එළියට බහින්න බැරි තරම් තදට වහිනවා..

"මෙතන කවුරුත් නෑ බබා.."

මොකක්ද මේ අප්පා ආවා කියන කතාව? ඊයෙ බීච් එකේදිත් කියෙව්වා.. මං අප්පා ගැන කියලා බය කලාද මෙයාව?

"බබී ඇයි මේ?"

"එ එයාලා වෙඩිතියාගත්තා.. ඔය එයාලා වෙඩි තියනවා.. එපා කියන්න.. එයාට මැරෙන්න දෙන්න බෑ.. අනේ එපා කියන්න..."

කවුද වෙඩි තියාගන්නෙ. මෙයා හීනයක් දැකලද? මං ඉක්මනට මෝචිව ඇදලා අරගෙන තද කරලා බදාගත්තා.

"ෂ්ෂ්... බබා කවුරුත් වෙඩිතියාගන්නෙ නෑ. ඒ ගොරවන සද්දෙ ඇහෙන්නෙ. මුකුත් උනේ නෑ.."

මෝචි තදින් ඇස් පියාගෙන චූටි ඇඟිලිවලින් හිරකරලා මාව බදාගෙන පපුවට ඔලුව ගහන් අඬද්දි මං ඒ කදුළු බිංදු ගානටම සිනිදු කම්මුල් පුරාවට හාදු තිබ්බා. ඇයි මෙච්චර විදවන්නෙ මැණික. වෙන දෙයක් මටත් තේරෙන්න කියන්නකො..

"මං නිසයි එහෙම උනේ.. ඔයා යන්න.. මගෙන් ඈත් වෙන්න. ඔයාටත් මැරෙන්න වෙයි. මගෙන් ඈත් වෙන්න..."

එකපාරම එයා මාවත් තල්ලු කරන් කෑගහන්න ගත්තා. ඇයි මේ? මං ඊයෙ කියපු දේවල් නිසාද? අ..හ් ඇයි මෙච්චර කියලත් තේරුම් ගන්න බැරි මෙයාට. මගෙ ඉවසීම පැන්නා.. ජේකේ කියන්නෙ කොහොමත් ඉවසීම දන්න කෙනෙක් නෙවෙයි.

"යන්න.. මගෙන් ඈත් වෙන්න... යන්න..."

"මොන විකාරයක් ද කියවන්නෙ ජිමිනා.. ඊයෙ ඔච්චර තේරුම් කරලත් යන්න යන්න ගාන්නෙ. මං කොහෙද යන්න ඕනෙ.. මැරෙන්න ද කියන්නෙ? තමුසෙ නැතුව මට ඉන්න පුළුවන් කියලද හිතන් ඉන්නෙ ආහ්?."

Don't Leave meWhere stories live. Discover now