Chapter 22

522 109 45
                                    

Jisoo's p.o.v.

රංඩුව ඉවර වෙලා හැමදේම සන්සුන් වෙද්දි ටේ ඔප්පා හෙමින් ඇවිත් මගෙ ඇගට වාරු වුණේ මගෙ පපුව නොනවත්වා ගැහෙන්න ගද්දි.

එයාගෙ තොල පුපුරලා.. මූණත් දම්පාට අලයක් වගේ වෙලා.. නලලෙ පැත්තකින් සීරිලා චූට්ටක් ලේ එනවා... ඒත් ඒ මූණ චුට්ටක්වත් අඩු නැති ලස්සනම ලස්සන බොක්ස් ස්මයිල් එක්කින් පිරිලා...

"බබා මහන්සී.."

හහ්... හරි ලොකු වැඩක් කරලානෙ මෙයාට මෙච්චර මහන්සි. මෙයාලගෙ මේ නසරානි වැඩ කවදා නවතීද දන්නෑ. ඒ මදිවට බබාලු. හහ් එයා මොකටද මට බබා කියන්නෙ. මේ මනුස්සයාට පිස්සුද?? ළමයිනුත් ඔක්කොමලා මාව කන්න වගේ බලාගෙන ඉන්නව..

"බ් බෙහෙත් ටිකක් දාගන්න යමු.."

ඔප්පා දිහාට වතුර බෝතලයක් දික් කරපු මං යාන්තම් කියාගත්තා.

"බෙහෙත් ඕනෙ නෑ අපි නිදහස් තැනකට යන්ද බබී මට ටිකක් කතා කරන්න ඕනෙ."

හහ් මාත්තෙක්ක මොනව කතා කරන්නද? මොනව උනත් දැන් කරන්න තියන හොදම දේ පුළුවන් ඉක්මනට මෙතනින් යන එක තමයි. ටේ, ජේකේ, සුගා ඔප්පලා තුන්දෙනාටම පිස්සු වැටිලා හිටපු ළමයි අද උන දේවල් එක්ක හොදටම කලබල වෙලා.. මෙහෙම ගිහින් මේවා කොහෙන් කෙලවර වෙයිද කියන්න මන් දන්නෑ...

කල්පනා කර කර හිටපු මාවත් ඇදගෙන ගිහින් ටේ ඔප්පා නැවතුනේ ග්‍රවුන්ඩ් එකේ පැත්තකට වෙන්න හදලා තිබුණු බෙන්ච් එකක් ලඟ. පේන මානෙක කවුරුත් නැ. බෙන්ච් එක පුරාවට ඉහිරිලා තිබුනු මල් ටික අතින් පිහිදලා අයින් කරපු ටේ ඔප්පා මාව ඒකෙ පැත්තකින් ඉන්දවලා මගෙ ඔඩෙක්කෙන් ඔලුව තියාගෙන හිමින් හාන්සි උනා..

පපුව හරි වේගෙන් වේගෙන් ගැහෙනවා... අවුරුදු ගානක ක්‍රශ් එක මෙතන මගෙ ඔඩෙක්කෙන් ඔලුව තියාගෙන නිදි.. හැමදාම ඈත ඉදන් බලන් ඉදලා හිත රිද්දගන්න හේතුවුන කෙනා අද මගෙ උකුලෙම.. මේකනම් ඇහැරින්න ලෝබ හිතෙන ලස්සනම ලස්සන හීනයක්..

විනාඩියක් දෙකක් තුන හතරක් එහෙමම කතාවක් නැතුව ගෙවුනා.. මං ඒ ඉටි රූපයක් වගේ ලස්සන මූණ දිහා සැනසිල්ලේ බලන් හිටියා..

Don't Leave meWhere stories live. Discover now