"කුකී දැන් කාලා ඉන්න... මේ කෑම සීතල වෙනව.."
ජින් හ්‍යොංගෙ සද්දෙට අපි දෙන්නම එකපාර ඇදෙන් කෙලින් උනා.. දැක්කනං එහෙම විනාසයි.. අතින් කට වහන් හිනාවෙනව මේ කෝලම.
"යමුද?"
මං ඒ දිළිසෙන ඇස්වලට බර වෙලා ඇහුවා.. අනේ ඒ ඇසුත් හිනාවෙනවා...
"හ්ම්ම්"
බෝනික්කෙක් වගේ ඔලුව වනද්දි මං එහෙමම මෝචිව අරන් කරට දාගත්තා...
"ඒයි බිමින් තියනව... යාහ් කුකී මට ඇවිදින්න පුළුවන් මාව බිමින් තියන්නකො හ්‍යොංලා හිනාවෙයි මට... චේබල් කුකී බිමින් තියන්න.."
මෝචි කොච්චර කෑගැහුවත් නෑහුන ගානට මං එයාවත් උස්සගෙන පහලට ආවා. හ්‍යොංලා කටවල් ඇරන් බලන් ඉද්දි මෝචිව පුටුවකින් වාඩි කරවපු මං ඊට එහා පැත්තෙන් ඉදගත්තා.
"වෙලාගියපු නිසා අපි කෑවා කුකී.. ඔයාලත් කන්න ඉක්මනට. කෑම සීතල වෙන්න ඇවිත්."
"ම්ම්ම් සුවඳයි හ්‍යොං රස පාටයි..."
ජින් හ්‍යොංගෙ jajangmyeon ටික දිලිසි දිලිසි පිඟන්වලට වෙලා බලන් ඉන්නවා..
"උඹ ඔය කියන්නෙ කෑම ගැන නේද??"
ටේ හ්‍යොංගෙ කතාවට මෝචි හොදටම රතුවෙලා.
"යා හ්‍යොං..."
"ටේ ඒ දෙන්නට පාඩුවෙ කන්න දෙන්න. ඔයා කාලා ඉවරනම් යමු නිදාගන්න."
ජින් හ්‍යොංට තේරෙන දේ මේ භූත කොටි පැටියට නොතේරෙන හැටි...
"අපිට යුංගියා වෙච්ච දේ කිව්ව. ජිමින් පැටියො ඔයාට තුවාල මොකුත් නෑ නේද?"
ජින් හ්‍යොං කෑම ප්ලේට් එකක් මෝචිට ලං කරන ගමන් එයාගෙ ඔලුව හරි ආදරෙන් අතගාන්න ගත්තා.. හ්‍යොං එහෙමයි. කාටත් ආදරෙයි.
YOU ARE READING
Don't Leave me
FanfictionDEAR SWEETHEART..., FIGHT WITH ME, FIGHT FOR ME BUT DON'T EVER LEAVE ME...