Chapter 18

611 134 49
                                    

දෙයියනේ දැං ඉතිං මොනව කරන්නද? ඇදන් හිටපු ඒවා නම් ආයිත් අදින්න බෑ ඒවා ජරාම ජරායි. මඩත්තෙක්ක ගෑවිලා..

අ..හ් තමුන්ට මීට වඩා හිතන්න තිබුනා ජිමිනා... මහ ලොකුවට කුකීට බැනලා ආවේ වොශ් රූම් යද්දි ඇඳුම් අරන් ගියෙ නෑ කියලා. දැං ඔයා මොකක්ද මේ කරගෙන තියෙන්නෙ එතකොට.. අ...හ්

මං වොශ් රූම් එකේ දොර හිමීට ඇරලා බැලුවා.. කුකී ඇඳ උඩ ඉදගෙන ෆෝන් එක ඔබනවා... අනේ ඔම්මා...හ් මෙහෙ ඇවිත් මම කරගත්ත විනාසයක්.

අදනම් මහ නරක දවසක්.. නරක කිව්වට නරකම නෑ ඉතිං අදනෙ කුකී මගෙ උනේ... එයා මට කැමතියි කියලා දැනගත්තෙ.. අපි ආදරෙන්ම කිස් කරත්තෙක්ක...

අ...ශ් මේ ඇඳුමුත් නැතුව තෙතට තෙතේ වොශ් රූම් එකක් අස්සෙ හිරවෙලා ඔයාට හිතන්න තියෙන්නෙ ඔව්වද මෝඩ ජිමින්... ප්ෆ්ෆ්... අයිගෝ.. දැං මං මොනාද කරන්නෙ.. හොදටම සීතලයිත්තෙක්ක..

"මෝචී.. මොනාද තාම කරන්නෙ එන්නැද්ද අනේ බඩගිනී... ඔහොම නාන්න ගියොත් දියවෙයි ඔයාව.."

අ...හ් ච්ප් මේ මනුස්සයා දන්නෑනෙ මට වෙලා තියන දේ... ප්ෆ්ෆ්...

"හ් හරි එන්නම්.. ඔ ඔයා ගිහින් කන්නකො..."

"බෑ බෑ එකටම යමු. ඉක්මනට එන්න.."

අ..හ් මට එන්න ඇඳුමක් නෑ පණ්ඩිත හවෝ... මගෙ වැරැද්දක් නෙවෙයි මේක.. හහ් ඔව් මගෙ නෙවෙයි තමයි. හරිනම් එයා දැනගන්න එපැයි ගෙදර නවතින්න එන කෙනෙක්ට ටවල් එකක් ඇඳුමක් දීලා ආගන්තුක සත්කාර ටික හරියට කරන්න.

තියන ටවල් එකත් එයා ඇඳගෙන ගියාම හරිද.. ඇරත් මං එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් වෙච්චිකොට.

අඩුගානෙ ටවල් එකවත් තිබුනනම්.. ඔයාට කුකීට කෑනොගහා ඉන්නයි තිබුනෙ ජිමිනා.. එහෙනම් මේක මෙච්චර හිතන්න තරම් දෙයක් වෙන්නෑනෙ. දොරෙන් එළියට ඔලුව දාලා කෑගහලා ඉල්ලගන්න තිබුනා.. ඒත් දැං තත්වෙ වෙනස්නෙ.

 ඒත් දැං තත්වෙ වෙනස්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Don't Leave meWhere stories live. Discover now