Chapter 39

385 84 27
                                    

Jin's p.o.v.

"බබා.."

"..."

"ජූන්.."

"..."

"අනේ ජූනී..."

"මොකද?"

"බඩගිනියි.."

"..."

"කිම් නම්ජූන්..."

"ආ..ව් හපන්න එපා ජිනී.. ප්ලීස් කට පියාගන්නවද මගෙ ඔලුවත්තෙක්ක රිදෙනවා."

එයා ඔය ඊයෙ රෑ එයාව රූම් එකෙන් එළියට දාපු එකට මගෙන් තරහ පිරිමහනවා... මං ටිකක් සැර කරා තමයි ඒත් ඔච්චර කේන්ති ගන්න තරම් දෙයක් උනේ නෑනෙ ඉතිං... මට දුකයි...

"යා.. නම්ජූනා කන් ඇහෙන්නෙ නැද්ද මට බඩගිනියි... මාව බඩගින්නෙ තියලා මරලා දාන්නද හදන්නෙ ආ..?? මං කන්න නැතුව මැරිලා පත්තරවල හෙඩ්ලයින් එක ගියාම මුළු ලෝකෙම දැනගනී ඔයා මහ කුණු ලෝබ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා.."

කා එක හෙල්ලෙන්න සද්දෙන් කෑගැහුවට පස්සෙ තමයි මට මතක් උනේ ජීසොයි ටේයි පිටිපස්සෙ සීට් එකේ ඉන්නවා නේද කියලා..

ජෝඩුව හැලයයි සීදේවියි වගේ කටවලුත් ඇරන් අපි දිහා බලන් ඉන්නවා.. කමක් නෑ ජීසොටත් මේවා පුරුදු කරලා ගන්න එපැයි. නැත්තං ටේත් ජුනීගෙ තාලෙටම හැදෙනවා..

"දැං ටිකකට කලින් කාපු රාම්‍යොන් එකේ සෝසුත් තාම ඔයාගෙ කට වටේ තියනව ජිනී.."

අ..ශ්.. රාම්‍යොන් එක කාලා දැං කොච්චර වෙලාද?? පැය බාගෙකටත් ලඟයි...

මේ මනුස්සයාට හිතක් පපුවක් නැද්ද මං මෙච්චර බඩගින්නෙ ඉද්දිත් කිසි ගානක් නැතුව මේ කබල් වාහනේ දක්කන්නෙ.. නපුරෙක් මහ.. කන්න දෙන්නෑ අද රෑට...

ජුනීට නොදී කේ.එෆ්.සී. එකෙන් හොද චිකන් බකට් එකක් ඕඩර් කරලා පෙන්න පෙන්න තනියම කන විදිහ හීනමව මව හිටපු මාව හීන ලෝකෙන් බිමට වැටුනෙ ජුනී ගහපු බ්‍රේක් පාරට ඔලුව ගිහින් වින්ඩ් ස්ක්‍රීන් එකේ වැදුනම..

"යා... කිම් නම්ජූ..න්.."

"අහ්.. අනේ සොරි මැණික රිදුනද??"

ප්ෆ්ෆ්... රිදුනද කියලත් අහනවා තව..

"අර මොන නවනිංගිරාවක්ද... අරුන් දෙන්නට ගෙදර යනකල් ඉන්න බැරි තරම් හදිස්සිද අර මහ පාර මැද්දෙම බදාගෙන තුරුල් වෙලා ඉන්නෙ..."

Don't Leave meWhere stories live. Discover now