Chapter 01

329 52 6
                                    

- "පරිස්සමෙන් බඩු ටික ගන්න."

- "හරි...."

- "ඕ..... දැන් තියෙන්නේ අල්මාරිය."

- "හරි කාමරේට ගෙනියන්න."

- "හේ කොල්ලෝ ඔයා කොහෙද මක බෑවිලා හිටියේ?"

- "සමාවෙන්න මට පොඩි හදිස්සියකට යන්න වුණා."

- "උඹට සීනි ද බන් ඔච්චර ටොයිලට් යන්නේ?"

අපි ආව ලොරියෙන් බඩු අඳින මාමලා හිනාවෙවි එයාලගේ රාජකාරියේ නිරත වෙද්දි මම පැත්තකට ගිහින් වාඩි වෙලා ඔහේ බලාගෙන හිටියා. අලුත් නගරයක අලුත් ඉස්කෝලයකට අපිට හදිස්සියෙම එන්න වුනේ මේ නගරේ ඉස්කෝලේ සංගීත ගුරුවරිය හදිස්සියම අන්ත්‍රා වුන නිසා. මගේ ඔම්මා සංගීත ගුරුවරියක්. දක්ෂ සංගීතඥවරියක්. ඉතින් අපි හිටපු පළාතේ අධිකාරිතුමා මගේ ඔම්මට මේ පළාතේ ස්කූල් එකට මාරු කලා. ඉතින් මටත් එන්න වුණා. අකමැත්තෙන් වුනත්. මට එහේ ගොඩක් යාළුවෝ හිටියා. එයාලව දාලා ආපු එකට නම් මගේ හිතට හරිම දුකක්. ඔම්මා මං ළඟට ඇවිත් වාඩි වුනත් මම ඔහේ බලාගෙන හිටියා.

👩‍🦰 - "පුතේ ඔයා හොඳින්ද?"

🐻 - "....."

👩‍🦰 - "මට තේරේනවා දරුවෝ. අලුත් නගරයක් අලුත් ගෙයක්. ඒක ඔයාට අමාරු ඇති. ඒත් මේ ඉස්කෝලේ ළමයින්ට මාව ඕනේ."

🐻 - "හ්ම්.... ඕහ්... ඉන්න මම ඒවා ගන්නම්."

👩‍🦰 - "මම මොනවා කියන්නද? එයා ගොඩක් සැලකිලිමත් එයාගේ saxophone එක ගැන."

ඔම්මා කිව්වා හරි. මම කැමති නෑ මගේ saxophone එක කවුරුවත් අල්ලනවට. අඩුම තරමේ මම මගේ ඔම්මටවත් මේක අල්ලන්න දීලා නෑ. ඉතින් මම ඉක්මනට දුවලා ගිහින් ඒ මාමාගෙන් මගේ saxophone එක අරගත්තා. ගෙදර බඩු අස් කරගන්න අපිට ටික වෙලාවක් ගියා. මට පොඩි මහන්සියක් දැනුණා. ඉතින් මම කාමරේට ගියේ කවදත් මගේ හිතත් ගතත් සතුටු කරන මගේ saxophone එක හොයාගෙන. දැන් ඉතින් යාළුවොත් නැති එකේ මට ඉන්නේ මෙයා විතරයි. මම saxophone වාදනය කරන්න පටන් ගත්තා.

👩‍🦰 - "ථේ හ්යුන්ග්. පැටියෝ....."

ඔම්මගේ කටහඬට මම වාදනය කරන එක නවත්තලා ඔම්මා දිහා බැලුනා. ඔම්මා හිනාවෙලා මං දිහා බලන් හිටියේ හරිම ආදරණීයව. මං දන්නවා ඔම්මටත් මේක අමාරු ඇති. පරණ රස්සාව පරණ යාළුවෝ එයාටත් ඉන්නවනේ. මොනවා උනත් මම මගේ ඔම්මට ගොඩක් ආදරෙයි.

👩‍🦰 - "පැටියෝ. අපිට අසල්වැසියෝ ඉන්නවා."

🐻 - "ඕ..."

ඔම්මා කිව්වමයි මටත් මතක් උනේ අවට ගෙවල් ගොඩක් තියෙන බව. මම ඉක්මනටම saxophone එක පැත්තකින් තිබ්බා.

👩‍🦰 - "ඒක ඇත්තටම නියමයි. පැටියෝ. ඒත් ඔයාට හෙට ඉස්කෝලේ යන්න තියෙනවා."

🐻 - "ඔම්මා. මට දැන් අවුරුදු 16යි. මේ ගෙදර ඉන්න එකම පිරිමියා මම නම්, ඔයාට පුළුවන් ද sweetheart, පැටියෝ, කියන්නේ නැතුව ඉන්න?"

👩‍🦰 - "හරි ලොකු මහත්තයා. මට තේරේනවා. නිදාගන්න හරිද?"

ඔම්මා කියද්දි මම ඔලුව වැනුවා.

👩‍🦰 - "හොඳට නිදාගන්න... පැ...ටියෝ..."

🐻 - "ඔම්මා...."

මම මූනත් හදන් එහෙම කිව්වමවත් ඔම්මා මට බබෙක්ට වගේ සලකන්නේ නැතුව ඉදියි කියලා හිතුවත් මම වැරදි. ඔම්මා හිනාවෙලා මට flying kiss එකකුත් දීලා ලයිට්ස් ඕෆ් කරලා ඩිම් ලයිට් එකක් පත්තු කරලා කාමරේ දොර බාගෙට ඇරලා ගියේ තාමත් මම පොඩි කියලා හිතලා. එයාට තාමත් මම පොඩි ළමයෙක්. මම නැගිටලා ගිහින් ඩිම් ලයිට් එකත් ඕෆ් කරලා දොරත් සම්පූර්ණයෙන් වහලා ඇඳට ගියේ අද දවසම හරිම වෙහෙසකර නිසා.

🐻 - "අහ්ම්....."

මම මුණින් අතට ඇඳට වැටෙනවත් එක්කම මගේ ළඟට නිදි දෙව්දුව එන්න ඔන්න මෙන්න තියෙද්දි කොහන්දෝ ඉඳන් ආපු බෙර සද්දයක් නිසා මම උඩ ගිහින් ඇහැරුණ පාර මම ඇඳෙනුත් බිමට වැටුණා.

🐻 - "ආව් මගේ පස්ස. මොන බූරුවද මේ මහා රෑ බෙර ගහන්නේ?"

●・○・●・○・● - ・○・●・○・●

අලුත් කතාවක්... හි හි... 😁 කියවලා බලන්නකෝ. Draft එකේ තිබ්බට මම මේක ලියන එක නතර කරලා තිබ්බෙ. ඔන්න ඉතින් ඔහේ ලියලා දැම්මා අවුරුද්දකට පස්සෙ. 🤭

කිව්ව විදිහටම හැම සෙනසුරාදාම මේ කතාව බලාපොරොත්තු වන්න.

ඕන් මම ගියා එහෙනම්. ඊලග කොටසින් හමුවෙමු. 😊

Lv u all 💜
සරන්හේ ❤

Sorry for the mistakes and thanks for reading...

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌ (MJ)

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now