Chapter 04

124 19 4
                                    

- Tae Pov -

🐰 - "ඇයි එහෙනම් අපිට ඔයාගේ වැඩ කෑලි ටිකක් පෙන්නන්නෙ නැත්තේ?"

එකපාරටම ඒ කවුද බලන්න මම හැරුණම මට පුදුම හිතුණේ මෙච්චර වෙලා මේ කිසි දේකට අවදානමක් නොදි ජනෙලෙන් එලිය බලාගෙන හිටි ජන්කුක්ම කියලා හිතාගන්න බැරුව. මෙයා මෙච්චරවෙලා බොරුවක්ද කලේ එතකොට. ඒ කොහොමවුනත් දැන් මම මොකද කරන්නෙ? මම දැක්කා ඔම්මත් ටිකක් කලබල වෙනවා. හැබැයි ඒකෙන් නම් මගේ බය තවත් වැඩි උනා.

👩‍🦰 - "ආ... මම හිතන්නෙ නෑ ඒක ඕනයි කියලා."

🐰 - "ඇයි මිස් බයවෙලා. මිස්ට තමන්ගේ පුතා ගැන විශ්වාසයක් නැද්ද?"

ජන්කුක් එහෙම කියලා කට කොනින් හිනා වෙලා පහසුවෙන් පුටුවට හේත්තු වෙලා වාඩි උනේ මගේ ඇස් දෙක ඉස්සරහ බොඳ වෙනවා වගේ දැනෙද්දි.

🐰 - "හයියො මිස් ඒකට කමක් නෑ. සුගා ඔය saxophone එක දෙන්න මෙයාට"

මගේ මේසේ ලඟට ඇවිත් saxophone එක මේසේ උඩින් තියපු සුගා කින්ඩියට හිනා වෙලා ගියේ නිකන්ම නෙමෙයි.

🐱 - "බලමුකෝ මේකෙන් play කරන හැටි."

මට නෝන්ඩියට හිනා වෙලා ගියපු සුගා දිහා නොබලා මම මගේ මේසේ උඩ තියෙන saxophone එක දිහා හිස් බැල්මෙන් බලන් හිටියේ දැන් වෙන කරන්න දෙයක් නැති කමට. හොද හුස්මක් ගත්ත මම saxophone එක අතට අරන් ප්ලේ කරන්න හිත හයිය කරගත්තා.

👩‍🦰 - "හොදයි ථේ අපිට පොඩි සංගීතයක් දෙන්න. ඔයාට ඕන විදිහකට"

එහෙම කියනවත් එක්කම මම saxophone එකේ mouthpiece එක මුවට ලන් කරලා වාදනය කරන්න පටන් ගත්තා. මම ටිකක් වෙලා වාදනය කරගෙන ඉද්දි එකපාරටම saxophone එකේ හඬ වැඩි උනේ කන් බිහිරි කරවලා. ඒත් එක්කම මම saxophone එකේ mouthpiece එකෙන් තොල් ඉවතට ගත්තත් එක්කම mouthpiece එක මගේ තොලේ ඇලිලා තිබ්බා දැනුනම මම ඒක කටින් ඇදලා අරන් විසික් කරපු පාර ඒක ගිහින් සර්ගේ කලිසමේ වැදුනා. සර්ට අනිවාර්යයෙන්ම තරු පෙන්න ඇති ඒක වැදුණේ හොද තැනකට නොවන නිසා. ඒ වගේම මම අත කටින් වහගත්තේ පිටවෙන්න යන ඉකිය නවත්ත ගන්න. මට දුනුණු ලැජ්ජාව, අපහසුව, මට කියන්න වචන නැහැ. මම ඔම්මටත් ලැජ්ජ කරා. මට නොදැනුවත්වම මගේ ඇස්වලින් කදුළු බිංදුවක් එලියට පැන්නාමයි මම දැක්කේ පන්ති කාමරයේ ඉන්න හැමෝම වගේ තමන්ගේ phone එකෙන් මාව වීඩීයො කරනවා. ජන්කුක් ඇරෙන්න.

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now