Chapter 05

130 19 6
                                    

- Jungkook Pov -

එතනට යද්දි හැමෝම වගේ හිනා වෙවි වීඩීයෝ එක බල බල නෝන්ඩි කලත් මගේ හිතට කවදාවත්ම දැනිලා නැති මොකක්දෝ අමුත්තක් දැනෙන්න ගත්තා. මට ටිකක් දුක හිතුණා. මම අනන්ත මේ ඉස්කෝලේ ලමයින්ට නෝන්ඩිවෙන විදිහේ වැඩ සිද්ද කලත් මම ඒකෙන් හැමදාම හොඳට සතුටු උනා. තව තවත් කරදර කලා. ඒත් මේක මට තේරෙන්නෙ නෑ.

- "අපෝ මරු නෝන්ඩිය"

- "ථේ හ්යුන්ග් මිස්ගේ පුතා කියන්නත් ලැජ්ජයි. අප්පා..."

- "මුණ රතු වුණත් එක්ක බන්."

- "බබා දැන් අඬනවද දන්නෑ... හුවෑඈ කිය කිය......"

කැෆටේරියා එකේ හිටපු හැමෝම ථේ හ්යුන්ග් පන්තියෙදි උන ලැජ්ජ වීම ගැන කතා කලේ තව තවත් හිනා වෙවි. මට ඇහුණා. ඒත්... ඒත් මම කන්න ආවත් තවත් අහන් ඉන්න බැරි තැන මම ආයේ හැරුණේ ගෙදර යන්න.
.
.
.

⊰⊱┈──╌❊ - ❊╌──┈⊰᯽⊱

Tae house

- Tae Pov -

ඉස්කෝලේ ඇරුන හැටියේ ගෙදර දුවගෙන ආපු මම කාමරේට දුවගෙන ගියේ ඇස්වලින් වැටෙන්න දඟලන කඳුලු හංගගෙන. කාමරේ ඇතුලට ආව මට තවත් මගේ කඳුළු මට පාලනය කරගන්න බැරි වුණා. මම ඇඳට පැන්න ගමන් මූණ කොට්ටේ අස්සේ ඔබාගත්තේ මට තේරුණා ඔම්මත් මගේ පස්සෙන් මගේ කාමරේට එන බව. කාමරේ දොර ඇරන් ඇතුලට ආපු ඔම්මා ඇඳේ මුනින් අතට කොට්ටේ මූණ ඔබාගෙන අඬමින් හිටපු මගේ ඔළුව අත ගෑවේ හරිම ආදරෙන්.

👩‍🦰 - "ගෙදර එකම පිරිමියා මෙන්න අඬනවා."

🐻 - "මට හිනාවෙන්න මූඩ් එකක් නෑ ඔම්මා."

👩‍🦰 - "කෝ මේ හැරෙන්නකෝ."

🐻 - "....."

👩‍🦰 - "හරි... ඒ වුන දෙයින් ඔයා හොඳ පැත්ත බලන්න. ඔයා දැන් තරුවක්."

🐻 - "මං... කොහොම... ද තරුවක්.... වෙන්නේ....?"

මම ඉකි ගහමින් හිමින් ඔම්මගේ පැත්තට හැරිලා ඇහුවම මම දැක්කේ වෙනදා වගේම මේ වෙලාවෙත් හිනාවෙලා මං දිහා ආදරයෙන් බලන් ඉන්නවා. ෆෝන් එක අතට ගත්ත ඔම්මා මට දෙයක් පෙන්න්න හැදුවා.

👩‍🦰 - "බලන්න වීව්ස් 30,000ටත් වැඩියි."

🐻 - "මං නිකම් විහිළුවක් වුණා ඔම්මා."

👩‍🦰 - "නෑ නෑ... ඔයා එහෙම වුනේ නෑ ථේ. ඊළඟ වතාවේ කලබල නොවී උත්සාහ කරලා බලන්න. ඔයා දන්නවා ඔයා හොඳ player කෙනෙක්. ඔයාට ඒක කරන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ තව පුහුණු වෙන එක."

🐻 - "හරි ඔම්මා... ස්තූතියි."

මම ඔළුව උස්සලා ඔම්මව බදාගෙනම කිව්වා.

👩‍🦰 - "Good boy"

ඔම්මා හිනා වෙවි මගේ කොණ්ඩේ අවුල් කරමින් කිව්වම මමත් හිනා වුණා. හැමදාම වගේ ඔම්මා අදත් මං ගාවින්ම හිටියා. මගේ හිත හැදුවා. මම ඔම්මගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන හිටියේ මගේ හිතේ තියෙන හැම දුකක්ම ඔම්මා ඔලුව අතගාන එකෙන් සුව වෙනවා වගේ දැනෙද්දි.

ටික වෙලාවකට පස්සෙ ඩෝ බෙල් එක වදිනවා ඇහුනයින් අපි දෙන්නම පහළට ගියා. දොර ඇරියම ඉස්සරහ තිබුනේ බලු කූඩුවක්. හරිනේ. ජොනි සීයාගේ බල්ලා. මට ඒක අමතක වුණා. බල්ලව ගෙනාපු වාහනේ බලු කූඩුව අපේ ගේ ඉස්සරහින් තියලා බෙල් එක ගහලා යන්න ගියා. මම කතා කරන්න හැදුවත් එයා ගිහිල්ලත් ඉවරයි. මම කූඩුව දිහා බලන් ඉඳලා බිමට පහත් වුණා.

🐻 - "හලෝ"

●・○・●・○・● - ・○・●・○・●

ඊලග කොටසින් හමුවෙමු.

Sorry for the mistakes and thanks for reading...

Lv u all 💜
සරන්හේ ❤

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌ (MJ)

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now