Chapter 10

108 15 2
                                    

- Tae's Pov -

🐻 - "ඔයාට මොනවද ඕනේ?"

මම ආයෙත් ඇහුවා. ඒත් ටික වෙලාවකින් මගේ කට ඉබේම ඇරිලා ඇස් ලොකු උනේ ඇස් ඉස්සරහ වෙන දේ හිතාගන්න බැරුව.

🐶 - "අහ්ම්.... ජෙලි..."

යොන්ටෑන් කතා කලා. නෑ නෑ ඒක වෙන්න බෑ. මට හිතාගන්න බැරිවුණා. මම ඇස් පිය ගැහුවේ මට මේ මහා දවල් මනෝ විකාර පේනවත් ද කියලා හිතිලා.

🐻 - "මොකක්ද?"

🐶 - "ඔයා ළඟ ජෙලි තියෙනවද?"

මොන මගුලක් මේ වෙන්නෙ? මම ඇස් දෙක ආයේ පිහදලා බැලුවේ ඇත්තටම මගේ ඇස් ඉස්සරහ ඉන්න බල්ලා කතා කරනවද බලන්න. එයා මම අහන දේට උත්තර දෙනවා. මම බය වෙලා පස්සෙන් පස්සට ගිහින් පිටිපස්සෙ තිබ්බ ෆ්රිජ් එකට වාරු උනේ කියවන යොන්ටෑන් දිහා බලාගෙනම.

🐶 - "ස්ට්‍රෝබෙරි ජෙලි. හොඳයි. ඒවා හරිම රහයි. චෙරි හරි කමක් නෑ. ඇත්තටම රතු පාට ඕනේ ජෙලි එකක් ඕකේ. ආම්... ආ දෙළුම්... ඕ දෙළුම් උනත් කමක් නෑ...."

යොන්ටෑන් දිගටම කියවනවා. මට මතක වටේම අඳුරු වෙලා මම ඇදගෙන වැටෙනවා විතරයි.
.
.
.

⊰᯽⊱┈──╌❊ - ❊╌──┈⊰᯽⊱

- Yeontan's Pov -

🐶 - "ඕ දෙළුම් උනත් කමක් නෑ. ඒක නම් කරන්න ලේසි වෙන්නෙ නෑ වගේ. හපොයි මේ කොල්ලා වැටුණා නේද? නියමයි. මම හිතන්නෙ මටම තමයි වෙන්නෙ මගේ බඩ ගැන බලාගන්න."

මම යොන්ටෑන්. මට ඇත්තටම විශේෂ හැකියාවක් තියෙනවා. ආහ්ම්... කතා කරන එක.... හා හා... නෑ නෑ ඒක මගේ තියෙන හැකියාවන්ගෙන් එකක් විතරයි. මම සාමාන්‍ය බල්ලෙක් නෙමෙයි. මම පිටසක්වල ජිවියෙක් කියලද හිතන්නෙ? ආ නෑ නෑ... මම වෑම්පයර් හුරතල් බව්වෙක්. මම හුරතල් ද? ඔව් මම හුරතල් තමයි. මේ විශ්වයේම ඉන්න හුරතල් ම සහ වාසනාවන්ත ම බලු කුක්කා. ඒකනේ මම වයසයි කියලා හිතන් හිටපු ථේ හ්යුන්ග් මාව දැක්ක හැටියේ මට වශී උනේ? මට හොදට තේරෙනවා මිනිස්සුන්ගේ හැඟීම්. ඒවා මට හොදට මේ නහයට දැනෙනවා.

ආ ඔයාලට මං ගැන කියලා මට මේ පොඩි කොල්ලව අමතකත් උනා. ඒත් ඊට කලින් මට බඩගිනි. මොනවහරි රතු පාට දෙයක් බඩට දාගන්න ඕනේ.

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now