Last Chapter

140 12 2
                                    

Tae's House

- Tae's mother Pov -

👩‍🦰 - "එතකොට මේකද ඔයාගේ සැලැස්ම ජින්?"

මම ඒ කාඩ් එක දිහා බලන් ජින්ගෙන් ඇහුවම ජින් හිනා වුණා.

👩‍🦰 - "මේක නම් නියමයි ජින්. ඒත් අපිට වෙලාව තමයි."

🦊 - "ඒක තමයි ඔයාගෙන් උදව් ඕනේ යේ ජින්. සතියකින් අපි මේ කොන්සට් එක තියන්න ඕනේ. කොහොමහරි අපි දින්නොත් අපේ ඉස්කෝලේ බේරගන්න පුලුවන් අපිට."

👩‍🦰 - "හ්ම් මට තේරුණා. මම උපරිම උත්සාහ කරන්නම්. ළමයින්ව හෙට පුහුණු කරන්න සුදානම් කරන්නම්."

🦊 - "නියමයි. ඔය බබල්ගමාට හොඳ පාඩමක් උගන්නන ඕනේ."

(බබල්ගමාට ජින් පාඩම උගන්නන කලින් ථේකුක් පාඩමක් උගන්නයිද දන්නෑ 😅)

👩‍🦰 - "මේ ජින්."

🦊  "ඕ...."

👩‍🦰 - "ඔයා ළඟ ජන්කුක් පුතාගේ නම්බර් එක තියෙනවද?"

🦊 - "ජන්කුක්ගේ?"

👩‍🦰 - "ඔව් ජින්. මගේ පුතයි ඔය ළමයයි දැන් එළියට ගිහින් ගොඩක් වෙලා. ඒත් තාම........."

මම කියපු දේ නවත්තගත්තේ ඉස්සරහ ඇරලා තිබ්බ දොරෙන් කඩාගෙන බිදඳගෙන ඇතුල් වුන රත්තරන් පාට සමක් හිමි කොණ්ඩේ පාට පාට දේදුන්න වගේ පාට කරපු කොල්ලෙක් දණහිස් දෙක නවාගෙන හති අරිද්දි. මායි ජිනුයි ඇස් දෙකත් ලොකු කරගෙන පුදුමෙන් බලන් හිටියේ ඇයි මේ ළමයා මේ වෙලාවේ මෙහේ කියලා.

👩‍🦰 දෙයියනේ ථේට කරදරයක්වත්ද?

මට හිතින් හිතුණේ එහෙම. ඒත් එක්කම තව ළමයෙක් ඇතුල් වුණා. එයාත් හති අරිද්දි මට හිතුණේ මේ ළමයි දුවගෙන ආවෙම මගේ පුතා ගැන මොකක්හරි කියන්න කියලා.

👩‍🦰 - "ඔය ළමයි. මගේ පුතාගේ යාලුවො නේද? එයා...."

🐱 - "ආන්ට් කලබල වෙන්න එපා. මේ දැන්ම පොලිසියට කතා කරන්න."

👩‍🦰 - "ආ..?"
.
.
.

⊰᯽⊱┈──╌❊ - ❊╌──┈⊰᯽⊱

- Tae's Pov -

කුකි යොන්ටෑන් ගැන ඇහුවම මම කිව්වා මම ඔරලෝසුවෙන් එයා ඉන්නේ මෙහේ කියලා දන්නවා කියලා. එතකොට කුකිටත් බලන්න ඕන කිව්වම මම කුකිට ඔරලෝසුව ගලවලා එයාට දුන්නා. ඔරලෝසුවෙන් යොන්ටෑන්ව track වෙද්දි කුකිටත් තේරුණා යොන්ටෑන් ඉන්නේ මේ බිල්ඩින් එකේම අපේ කාමරේට එහා කොනේ කියලා. ඔරලෝසුව එහෙට මෙහෙට කරමින් බලපු කුකි එකපාරටම ඔරලෝසුව දිහා බලාගෙන කතා කලා.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 17, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now