Chapter 14

97 16 3
                                    

Night at 12.05 pm

- Yeontan's Pov -

🐶 - "ආ.... ආ...... නිදාගන්නත් නෑ."

මම මිනි පෙට්ටියේ දොර හිමින් ඇරලා හොම්බ දාලා බැලුවා. ථේ හොදටම නිදි. එයා නම් හීනේ දිගටම දකිනවා. මට තමයි අතරමග ඇහැරැන්න උනේ. මම ඒ ආව කවුරු උනත් හොදටම බැන බැන ගියේ ජනේලේ ගාවට. ජනේලේ ගාවට ගිහින් එබිලා බැලුවමයි දැක්කේ.

🐶 - "හපොයි. මෙහෙටත් ඇවිත්"

මම ඒ ආව අයව දන්නවද? ඔව් ඔව් මන් මොකද නොදන්නේ? දැන් කාලයක් තිස්සේ මාව අල්ලන්නනේ ඔය දඟලන්නේ? එයාලගෙන් මාව පරිස්සම් කරන්න තමයි මගේ අයිතිකාරයා උන ජොනි සීයා ගොඩක් මහන්සි උනේ. උන් නිසා තමයි මට මගේ ජොනි සීයව නැති උනේ. ඉතින් දැන් මම නිකන්ම උන්ට යන්න දෙනවද?

🐶 - "මෝඩ ඩොක්ටර්යි එයාගේ පිස්සු ගෝලයයි. ඉන්නවා.... අද මම තමුන්ලට හොද පාඩමක් උගන්වනවා."

කට කොනින් හිනා උනු මම ඉක්මනට ජනේලේ ගාවින් බැහැලා ඉස්සරහ සාලයට දිව්වේ මෙයාලා අනිවාර්යෙන් ඉස්සරහ දොර අගුල ඇරලා එනවායි කියලා ඉවෙන් වගේ දැනුන හින්දා.

🦄 - "අනේ හ්යුන්ග්. මම පිළිගන්නවා මම ටිකක් මෝඩයි කියලා. ඒත් අපිට බැරිද මේ අනතුර ටිකක් අඩු කරගන්න."

🐺 - "කට වහගන්නවා හෝසොක්. අපි ඉක්මනටම මේ ලෝකේ ඉන්න මිලියනපතියා වෙන්නයි යන්නේ. ඔය බල්ලාව Professorට කොච්චර වටිනවද කියලා තමුන් දන්නවනේ? මේ පාර වැඩේ අල කරගත්තොත් Professor නෙමෙයි මමයි ඔහේට යම රජ්ජුරුවෝ පෙන්නන්නේ."

🦄 - "මන් මන්...."

🐺 - "මෙහේ එනවා. පහත් වෙනවා ඉක්මනට."

මම ඉස්සරහ සාලෙන් ඇවිදගෙන යද්දි ඇැහුනේ ඒ මෝඩ ජෝඩුවගේ සද්දේ. අනේ අනේ. මුන් මේ රෑ වෙන් නැති හීන දකිනවා. පව් අසරණයෝ දෙන්නා. ඔහොම ඉන්න. Professor. ඒ කියන්නේ මෙයාලා වැඩ කරන්නේ තව කෙනෙක්ට කියලා මට තේරුණා. ඒ කවුද එතකොට. කොහොමඋනත් දැන් මම ගෙදර ඉන්නේ. මන් නිසා මේ ගෙදර ඉන්න අයටවත් මේ ගෙදරටවත් හානියක් වෙන්න දෙන්න බෑ. මන් මොනවමහරි කරන්න ඕනේ කියලා හිතපු මම කුස්සිය පැත්තට ගිහින් ෆ්‍රිජ් එකේ තියෙන ජෙලි එකකට වග කිව්වා. මොකද මට බඩගිනි.

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now