Chapter 11

98 13 2
                                    

- Tae's Pov -

👩‍🦰 - "ථේ ස්විට් හාට්... මම ආවා."

🐻 - "ඔම්මා ඇවිත්. එයා ඉස්සරහ කතා කරන්න එහෙම එපා හරිද?"

🐶 - "ආ හරි kiddo. බය වෙන්න එපා. මම කටවහන් ඉන්නම්. මට ඇයවත් පඩිපෙළ උඩට උස්සගෙන එන්න කිසි උවමනාවක් නෑ."

🐻 - "අහ්ම්....."

මේ බල්ලට නම් පුදුම කටක් තියෙන්නෙ. මම ඇස් දෙක පියන් සෝෆා එකේ හේත්තු වෙලා ඔලුව තියාගත්තෙ කරන්නෙ මොකක්ද කියලවත් හිතාගන්න බැරුව.

👩‍🦰 - "ථේ ඔයා රතු පාට ඔක්කොම ජෙලි ටික කෑවද?"

ඔම්මා කුස්සිය ඉදන් එකපාරටම අහපු දෙයින් මම ඔලුව උස්සලා යොන්ටෑන් දිහා බැලුවා. යොන්ටෑන් දත් ටික පෙන්නලා මට හිනා වෙද්දි මට හිතුණා මෙයා තමයි වැඩේ දෙන්න ඇත්තෙ කියලා. මට ටිකක් යොන්ටෑන් එක්ක තනි වෙන්න ඕන උනා. මොකද මගේ ඔලුව ඇතුලේ දැන් ප්‍රශ්ණ පත්තරයක් වගේ. මම සෝෆා එකෙන් නැගිටලා යොන්ටෑන් එක්ක පාර්ක් එක පැත්තට යන්න හිතුවා.

👩‍🦰 - "ථේ ඔයා කෑවද?"

🐻 - "ඔම්මා මම යොන්ටෑන්ව පාර්ක් එක පැත්තට එක්ක යනවා."

ඔම්මා කුස්සියෙ ඉදන් අහන දේටවත් උත්තර නොදි මම වේගයෙන් පඩිපෙල බැහැගෙන යොන්ටෑන් එක්ක ගෙදරින් එලියට ඇවිත් පාර්ක් එක පැත්තට ඇවිදන් ගියා. හවස් වෙලා නිසා යොන්ටෑන්ට නිදහසේ ඇවිදින්න පුලුවන් කියලා කිව්වත් යොන්ටෑන් හෙවණ දිගේ යන්න වග බලා ගත්තා. යන ගමන් අපි දෙන්නා කතා කර කර ගියේ වටපිටාව ගැන මට අමතක කරවලා.

🐻 - "ඇයි අව්ව ඔයාට ඇලජික්?"

🐶 - "හේ ලමයෝ. මම ඔයාව බය කරන්න කැමති නෑ. ඇත්තට කිව්වොත් මම වැම්පයර් බල්ලෙක්."

🐻 - "වැමිපයර්?"

🐶 - "ඔයා ඒකට බය වෙන්න ඕනේ නෑ ළමයෝ. ඇත්තම කිව්වොත්ම ම කරදර නොකරන මිත්‍රශීලී වැම්පයර් බල්ලෙක්. අවුරුදු 600කට කලින් මම ජීවත්ව වුණේ ට්‍රාන්සිල්වේනියාවේ වඳුරන් හය දෙනෙක් එක්කයි එක ජිරාෆ් කෙනෙක් එක්ක. කොහොමහරි පස්සෙ කාලේ උසාවියෙන් ඇවිත් ඒක අයිති කරගත්තා. ඒක දැන් වැඩක් නෑ. ඒ මොනවා උනත් ඔයා කවදාවත් ඉවර කරන්න එපා රතු පාට ජෙලි. ඒක හොඳට මතක තියාගන්න."

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Donde viven las historias. Descúbrelo ahora