Chapter 06

118 20 2
                                    

Tae Pov

🐻 - "හලෝ"

බැලු බැල්මට පරණ බලු කූඩුවක්. එහෙම වෙන්න එපැයි නාකි බල්ලෙක්නේ මේකේ ඉන්නවා ඇත්තේ. මම පාත් වෙලා බලු කූඩුව ඇතුලේ ඉන්න බල්ලට කතා කලා. මට ඒත් එක්කම කූඩුව ඇතුලෙන් ඇහුණේ ගොරවන සද්දයක්. මං ටිකක් ගැස්සුණේ නැත්තෙමත් නෑ. පස්සෙ කොහොමහරි හිතට ධෛර්ය අරන් ඉස්සරහින් ලොක් කරලා තිබ්බ බලු කූඩුවේ දොර ඇරියාම මතු වුණේ රතු පාටින් ආවරණය කරලා තිබුණු තිර රෙද්දක්. ඒත් එක්කම ආයෙමත් මම ගැස්සිලා ගියේ ඇතුලේ හිටපු නාකි බල්ලා ගෙරෙව්වම. මට මේ වෙන දේවල් එක්ක හිතේ පොඩි කේන්තියක් එක්ක හැරිලා බැලුවෙ ගේ ඇතූල.

🐻 - 'නියමයි. වයසක බල්ලෙක්."

මම එහෙම කියනවත් එක්කම ඔම්මා ගේ ඇතුලෙන් වතුර භාජනයකුත් අරන් ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි වෙලා කෑම පිඟානේ බලු කූඩුව ලගින් තිබ්බා.

👩‍🦰 - "එලියට එන්න පැටියෝ. මෙන්න ඔයාට සීතල වතුර ගෙනාවා."

මම ඇස් රෝල් කරේ තාමත් ටිකක් අකමැත්ත පෙන්නලා. ඔම්මාගේ කට හඬ ඇහෙනවත් එක්කම මම දැක්කා තිර රෙද්ද අස්සෙන් ලස්සන කලු පාට රවුම් හොම්බක් මතු වෙනවා. එයා බය වෙලාද? හොරෙන් හොම්බ දාලා ආයෙත් ඇතුලට රිංග ගත්තා.

🐻 - "එයා එලියට එන්නෙ නෑ වගේ."

මම ඔම්මගේ පැත්තට බලාපොරොත්තු නැතුව එහෙම හැරිලා කිව්වත් ඔම්මා වැඩේ අත ඇරියේ නෑ.

👩‍🦰 - "හායි යොන්ටෑන්. මම යේ ජින්. ඔයාව සාදරයෙන් පිලිගන්නවා අලුත් ගෙදරට."

මම හිනාවෙලා ඔම්මා දිහා බලන් හිටියේ ඔම්මාගේ මේ වැඩවලට. මගේ ඔම්මා හරිම කරුණාවන්ත ඔම්මා කෙනෙක්. හැමෝගෙම හිත දිනාගන්න ඔම්මට පුදුම හැකියාවක් තිබ්බෙ. ඒ මිහිරි කරුණාවන්ත කටහඬට මේ බල්ලත් එලියට එනවා නිසැකයි මට. මම හිතපු දේ සනාථ කරමින් යොන්ටෑන් කියන වයසක බල්ලා එලියට ආවා. ආ.... නෑ... වයසක කියලද මම කිව්වේ?

🐻 මොනවා මේ බල්ලා... වාව්.... හරිම හුරතල් ලස්සන බලු පැටියෙක්නේ.

මට යොන්ටෑන්ව දැක්ක ගමන් හිතුණේ එහෙම. වයසක බල්ලෙක් වෙන්න බෑ. යොන්ටෑන් හරිම ලස්සන හුරතල් බලු පැටියෙක්. මම එයා දිහාම බලාගෙන හිටියේ ඇහි පිල්ලම් ගහන්නත් අමතක කරලා. දුඹුරු පාටයි කලු පාටයි බූල් වලින් පිරුණු පුලුන් බෝලයක් වගේ පොඩි බලු පැටියෙක්. එලියට ආපු හැටියේ යොන්ටෑන් බදුනෙ තිබ්බ වතුර සේරම බීලා දැම්මෙ ගමන් මහන්සියට වෙන්න ඇති. ඔම්මා යොන්ටෑන් දිහා හිනා වෙවි බලමින් මම දිහා බැලුවම මමත් ඔම්මා දිහා බලලා හිනා වුණේ මගේ හිතේ බල්ලට පොඩි කැමැත්තක් මටත් හොරෙන් ඇතිවෙද්දි. යොන්ටෑන් වතුර සේරම බීලා පිපාසෙ නිවා ගත්තට පස්සෙ මගේ දිහා බැලුවම ඒ ඇස් හරිම අහිංසක විදිහට දිලිසෙනවා වගේ මම දැක්කේ. හුරතල් විදිහට බෝල ඇස්වලින් මම දිහා බලන් හිටිය යොන්ටෑන් දිහා මමත් බලාගෙන හිටියම මගේ දැහැන බිඳුණේ ඔම්මගේ සිනහ කටහඬට.

👩‍🦰 - "ඔය ඇති බලන් හිටියා නේද ථේ. යොන්ටෑන්ව ගෙට එක්ක එන්න."
.
.
.

⊰᯽⊱┈──╌❊ - ❊╌──┈⊰᯽⊱

Jungkook's home

- Jungkook Pov -

🐰 - "හේයි මෙහාට දෙනවා ඕක"

🐥 - "මට බෑ"

🐰 - "කිව්වම අහලා දෙනවා ජිමිනා මගෙන් මැරුම් නොකා"

🐥 - "පුලුවන් නම් මරනවා බලන්න."

🐰 - "ආයිෂ් ජිමිනාආආආආආආ'

අද රෑ මිසිස් මින් ආ ගෙදර නෑ. ඔව් ඔව් මගේ ඔම්මා වෙන අප්පගේ දෙවෙනි කසාදේ. මිසිස් මින් ආ නැති නිසා මම ගෙදර තනියම කිව්වා විතරයි යුන්මින් ඩබල අපේ දොරකඩ. මම හිතූවේ නෑ ඒ දෙන්නා එයි කියලා. තනියම නිදහසේ ටීවී එක බල බල කකා හිටපු පොප් කෝන් එකත් අරන් දොර ගිහින් අරිද්දි දෙන්නම මං දිහා බලන් හිනා වෙන අතරේ ජිමින්ගේ ඇස් දෙක ක්ෂණිකයෙන් නතර වුණේ මගේ අතේ තිබුණු පොප් කෝන් එකට. මම මාරම බඩගින්නෙ හිටියේ. තරහට මිසිස් මින් ආ උයලා තිබ්බ කෑම කෑවේ නැති නිසා මම පොප් කෝන් හදන් ටිවී එකේ චැනල් මාරු කර කර බල බර හිටියේ. එකපාරටම මගේ අතේ තිබ්බ පොප්කෝන් එක උදුරගෙන සාලේ වටේ දුවන්න ගත්තම මමත් මගේ මහන්සියෙන් හදාගත්ත කෑම එක බේරගන්න ඒ පුංචි කොටාගේ පස්සෙන් දිව්වා. කොට උනාට දුවන දිවිල්ලට මටත් වඩා වේගවත්.

🐰 - "ඒයි කොටො. ඕක මෙහෙ දෙනවා"

🐥 - "කොටා???? කවුද කොට ආ...."

මම කියපු එක ඇහිලා දුවන එක නතර කරලා දාගෙන මට ඔරවනවා. මට හිනත් එක්ක මෙයාගේ වැඩවලට. සුගා නම් පාඩුවේ ටිවී එක දිහා බලාගෙන ෆ්රිජ් එකේ තිබ්බ මගේ ස්නැක්ස්වලට වග කියනවා. මේ දෙන්නා ආවොත් මොනවා නැතත් මගේ ෆ්රිජ් එක නම් සුද්ද කරනවා. මම ජිමින්ට විහිලු කර කර දුවන අතරේ ටීවී එකේ එක ගෑණු කෙනෙක් හොදටම බය වෙච්ච මුණෙන් විකාර කියවනවා මට ලාවට වගේ ඇහුණා.

ඌට කලු පාට බෝල ඇස් දෙකක් තිබුණේ. ඌ මන් දිහා බලන් එරෙව්වා. මම... මම... මහන්සි වෙලා හදපු ජෙලි ටිකත් ඌ කාලා වාෂ්ප උනා. මම හොදටම බය උනා.

●・○・●・○・● - ・○・●・○・●

ඊලග කොටස සෙනසුරාදට දෙන්නම්.

Sorry for the mistakes and thanks for reading...

Lv u all 💜
සරන්හේ ❤

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌ (MJ)

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now