Chapter 03

232 41 8
                                    

- Tae pov -

ඔම්මත් එක්ක ස්කූල් එකට ගියපු මම ඔම්මගෙන් වෙන් වුනේ ඔම්මා ප්‍රින්සිපල් සර්ගේ කාර්යාලයට ගිය නිසා. මම මගේ පන්තිය හොයාගන්න කලින් මට වෙන් කරපු ලොකර් එක හොයාගෙන ගිහින් ඒකේ දොර ඇරලා මගේ බෑග් එක දාලා දැන් ඕන කරන පොත් ටික අරගෙන දොර වහද්දිම මම ගැස්සිලා ගියේ එහා ලොකර් එකට හේත්තු වෙලා ලොලි පොප් එකක් කකා හිටපු නපුරු පෙනුමක් තිබ්බ ටිකක් උස මහත කොණ්ඩේ බ්ලොන්ඩ් කරලා තිබුණු පිරිමි ළමයව දැක්කම.

🐻 - "ඕහ්.. ඔයා... මාව බය කලා."

🐱 - "අපෝ... පොඩි බබෙක්නේ අප්පා ඇවිත් තියෙන්නේ අලුතෙන්. මං හිතුවේ අලුත් මියුසික් ටීචර්ගේ පුතා කියද්දි හෙන ගැම්මට ඉන්න පොරක් වෙන්න ඇති කියලා."

එහෙම කියපු එයා මහා හයියෙන් හිනා වුනේ මගේ දිහාවට ඇගිල්ලකුත් දික් කරන්.

🐥 - "සුගා . මේ ළමයට විහිළු කරන එක නවත්තන්න."

හිනා වෙවි හිටපු කෙනා දිහා මම දුකෙන් බලන් ඉද්දි එක පාරටම මගේ පිටිපස්සෙන් මගේ කරට අත දාගත්තු ඒ පිරිමි ළමයා කිව්වේ තරහෙන්. එයා මට හිනා වුන පිරිමි ළමයට එහෙම කියනවත් එක්කම ඒ පිරිමි ළමයා කට වහ ගත්තේ බිම බලාගෙන. මට වඩා ටිකක් මිටි එයා හරිම ලස්සනයි. දිලිසෙන හමක් තිබුණු එයාට හරි ලස්සන හිනාවක් තිබුණා. කොණ්ඩේ හරියට දේදුන්නේ පාට හත වගේ. පාට පාටින් කොණ්ඩේ කලර් කරලා තිබුණු එයා නම් හරිම මිත්‍රශීලි කෙනෙක් වගේ කියලා මට හිතුණා. මට පාට් දාපු කොල්ලා මෙයාගේ එක වචනෙන් සැලන්ඩර්. අනේ මන්දා මට නම් තෙරෙන්නේ නෑ මෙතන මොකක් වෙනව ද කියලා. මං ඒ ගැන හිත හිත ඉන්නකොට මගේ කරට අත දාන් ඉන්න මිටි පිරිමි ළමයා මට කතා කලා.

🐥 - "ගණන් ගන්න එපා ඒ එයාගේ හැටි. මම ජිමින්. ඔයා?"

🐻 - "මම....."

හිනා වෙලා එයාව අදුන්වලා දුන්න ජිමින්ට මම මං කවුද කියන්න කට ඇරියා විතරයි අපේ ඉස්සරහට ඇවිදන් ආවේ කඩවසම් පිරිමි ළමයෙක්. එක අතක පොතක් තියාගෙන අනිත් අතෙන් කොණ්ඩේ පිටිපස්සට කරමින් හද හද වට පිට බල බල එන විදිහට මං හිතුවේ එයා අපිවත් පහුකරන් යයි කියලා. ඒත් එයා නැවතුනේ හරියටම මගේ ඉස්සරහ.

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Onde histórias criam vida. Descubra agora