Chapter 09

94 15 3
                                    

- Jungkook' s Pov -

මම ථේ ගැන හිත හිත ටොයිලට් එක ඇතුලේ හිනා වෙවි ඉද්දි එකපාරටම වොෂ් රූම් දොර ඇරුණම මම ඉක්මනට ටොයිලට් එකේ දොර ඇරන් එලියට එන්න හැදුවත් මම එතනම නැවතුණේ හදවත එකසිය ගාණට ගැහෙද්දි.

👤 - "මොකක්ද ඒ පොඩි කොල්ලගේ නම කිව්වේ? ථේ... කිම් ථේ හ්යුන්ග් ද?"

මට ඇහුණේ ථේගේ නම කියනවා. කවුරුහරි ථේගේ පස්සෙන්වත් එනවද? ඒ මොකටද? මම තිබ්බ කුතුහලයට හිමීන් දොර ඇරන් එලියට ආවත් වොෂ් රූම් එකේ කවුරුත් හිටියේ නෑ. මම සුසුමක් පිට කලේ අඩුම ඒ කෙනාගේ මූණවත් බලාගන්න බැරි උන නිසා. ඉක්මනට වොෂ් රූම් එකෙන් එලියට ආපු මම පන්තියට දිව්වෙ මේ ගැන ථේට කියන්න කියලා හිතාගෙන. ඒත් ථේ ඒ වෙනකොටත් ඉස්කෝලෙන් ගිහින් ඉවරයි.
.
.
.

⊰᯽⊱┈──╌❊ - ❊╌──┈⊰᯽⊱

Tae's house

- Tae's Pov -

ගෙදර දුවගෙන ආපු මම කාමරේට දුවගෙන ගිහින් saxophone එක අතට අරන් වාදනය කරන්න ගත්තෙ හිතේ තියෙන දුක නැති කරගන්න හිතාගෙන. ජන්කුක් ඇයි ඔච්චර නපුරු. අනිත් ලමයි මට කොච්චර විහිලු කරත් මගේ හිතට ඊට වඩා දුකක් උනා ජන්කුක් මාව bully කරන එකට. මට ඒක ලොකු වේදනාවක් උනා. මම පැය ගාණක් saxophone එක වාදනය කලා. දිගටම වාදනය කලා. දිගටම... තොල් ගෙවෙනකම් වාදනය කලා. අන්තිමේදී මට මහන්සි දැනුනම තොල් රිදෙන බන දැනූනම මම නවත්තලා ඇදේ වාඩි උනේ කම්මුල් දිගේ වැටෙන කදුලුවලට ඔහේ යන්න ඇරලා. මම අඬ අඬ බිම බැලුවම මම දැක්කෙ බලු කූඩුව.

🐻  - "දෙයියනේ යොන්ටෑන්"

මට ඉබේටම කියවුණා. මම ඉක්මනට පහලට දුවගෙන ගිහින් යොන්ටෑන්ව ගැට ගහලා තිබ්බ ගහ ලඟට ගියාම එයා එතන හිටියේ නැහැ. මම හිමින් එයාව ගැටගහලා තිබ්බ ලණුව දිගේ ඇවිද ගෙන ගියේ ඒකේ අන්නිමට මට යොන්ටෑන්ව මුණ ගැහෙන බව දැනගෙන. යොන්ටෑන් හිටියේ ටිකක් එහාට වෙන්න මිදුලේ හදලා තිබුණු බෙන්ච් එක යට ගුලි ගැහිලා. මට යොන්ටෑන් එහෙම හිටියම දුක හිතුණා. මට මගේ දුකත් නැති වෙලා යනවා වගේ දැනෙද්දි මම පහලට නැවිලා යොන්ටෑන්ව ලගට අරන් වඩාගෙන ගෙට ගිහින් කුස්සියේ මේසේ උඩින් ඉන්දෙව්වා.

🐻 - "ඔයාට වතුර ඕනේ ද? නැත්නම් කෑම මොනවහරි? ඔයා කන්න ආස දෙයක් එහෙම තියෙනවද?"

මම යොන්ටෑන්ව මේසේ උඩින් තියලා එයාගේ ඉස්සරහට ඇවිත් ඇහුවේ යොන්ටෑන්ගේ මූණ දිහා බලාගෙන. මම දන්නවා එයාට තේරෙනවා ඒත් උත්තර දෙන්න කතා කරන්න බෑනේ. ඒත් මම යොන්ටෑන් එක්ක කතා කලේ මගේ පාලුව නැති වෙන්නත් එක්ක.

🐻 - "ඔයාට මොනවද ඕනේ?"

මම ආයෙත් ඇහුවා. ඒත් ටික වෙලාවකින් මගේ කට ඉබේම ඇරිලා ඇස් ලොකු උනේ ඇස් ඉස්සරහ වෙන දේ හිතාගන්න බැරුව. මට මතක වටේම අඳුරු වෙලා මම ඇදගෙන වැටෙනවා විතරයි.

●・○・●・○・● - ・○・●・○・●

ථේ දබොක්... 😂

Sorry for the mistakes and thanks for reading...

Lv u all 💜
සරන්හේ ❤

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌ (MJ)

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now