Chapter 18

59 11 0
                                    

Bomoon High school

- Jin's Pov -

🦊 - "සර්ට පිස්සුද? ඇයි එහෙම තීරණයක් ගත්තේ?"

මම ජින්. Bomoon high school එකේ චිත්‍ර ගුරුවරයා. අද නිවාඩු දවසක් උනත් අපේ principle sir මට ඉස්කෝලෙට එන්න කියලා කතා කලේ හදිස්සි වැඩක් තියෙනවා කියලා. ඒත් මේ යකා කතා කරලා තියෙන්නේ මගේ දවස කාලා දාන්න කියලා දැනගත්තේ ආවට පස්සේ.

Knock knock 🚪

දොරට තට්ටු කරන සද්දෙට අපි දෙන්නම දොර පැත්ත බැලුවා. ඇතුළට ආපු කෙනාව මම අඳුරගත් මොහොතේම මගේ ඇඟේ මාලු මුහුදේ නැටුවේ වෙන්න යන්නේ එච්චර හොඳ දෙයක් නොවෙන බව ඉවෙන් වගේ දැනුන හින්දා.

🧑‍🦳 - "ඕහ්. මිස්ටර් බෝගම්. එන්න ඇතුළට."

- "මම මේ ලෝකේ ගොඩක් අකමැති දේවල් දෙකක් තියෙනවා. එක ළමයි. දෙක බල්ලෝ."

බෝගම් මුල් ටික සාමාන්‍ය විදිහට කියලා අන්තිමට කිව්ව එක ටිකක් නවත්තමින් සද්දෙන් කිව්වේ principle සර්ගේ මේසේ උඩ තිබ්බ එයාගේ පවුලේ පින්තූර දිහත් ඊට එහා පැත්තෙන් එයාගේ පුතා රෝම පිරුණු ලස්සන සුදු බල්ලෙක්ව බදාගෙන ඉන්න පින්තූරේ දිහා හිනා වී නෝණ්ඩියට බලමින්.

- "සමාවෙන්න මේවා මේ මගේ කලින් නෝනා තියපුවා."

එහෙම කිව්ව principle මේසේ උඩ තිබ්බ පින්තූර දෙකම පහත් කරලා දැම්මා. මට ආපු කේන්තියට මම අත මිට මොළවන් ඌ දිහා බලන් හිටියේ කරන්න දෙයක් බැරිකමට නෙමෙයි. ඒත් මෙතන නිකන් ප්‍රශ්න දාගන්න බැරි නිසා.

- "ඉතින් ඔයා මගේ යෝජනාවට කැමතිද?"

🧑‍🦳 - "අපි මේ ඒ ගැන තමයි සාකච්ඡා...."

🦊 - "අපි බැහැ කිව්වොත්"

Principle sirගේ කතාවට බාධා කරමින් මම එහෙම කිව්වේ බෝගම්ගේ මුහුණ දිහා බලාගෙනමයි. මන් හිතපු විදිහටම මිනිහාගේ මුණ තරහෙන් පිපිරුණා. ඒත් එක්කම මිනිහා බෑග් එකේ තිබ්බ සල්ලි මිටියක් අරගෙන මගේ පැත්තටත් සර්ගේ පැත්තටත් විසි කරලා දැම්මා. දැන්නම් මේ යකා හදන්නේ මගේ කන්න.

🧑‍🦳 - "ඕහ්.... දැන්නම් මම එක තීරණයට ආවා මිස්ටර් බෝගම්. මම උපරිමයෙන් ඔයාට සහය දෙනවා."

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Où les histoires vivent. Découvrez maintenant