Chapter 13

104 14 2
                                    

- Tae's Pov -

කාමරේට ඇතුල් වුන හැටියෙම මම ගල් ගැහුනේ යද්දි තිබ්බ කාමරේ උඩු යටිකුරු වෙලා තියෙනවා දැක්කම.

🐶 - "මොකක්ද මේ වෙලා තියෙන්නේ ඔයාගේ කාමරේට? යුද්ධයක්වත් උනාද? හරියට පරමාණු බෝම්බයක් පිපිරුණා වගේ. සමහරවිට දෙවන ලෝක යුද්දේ මෙතනද දන්නෑ තිබ්බේ නේද?"

යොන්ටෑන් කියවද්දි මම පුදුමෙන් හිතාගන්න බැරුව ඇස් ලොකු කරන් බලන් හිටියේ මගේ කාමරේ උඩු යටිකුරු වෙලා තියෙනවා දැක්කම.

🐻 - "මොනවද කියවන්නේ? කවුරුහරි ගෙට පැනලා වගේ. හ්ම්... මට නම් දැන් අස්කරන්න මහන්සියි. ඔයාට කුස්සියේ නිදාගන්න වෙයි."

🐶 - "නෑ... නෑ... ඒක කොහොමටවත් වෙන්නේ නෑ."

මම හිමින් කාමරේ ඇතුලට යන්න හද්දිම යොන්ටෑන් තවත් පුදුම හිතෙන වැඩක් කරායින් මම කට ඇරන් ඒ දිහා බලන් හිටියේ ඉන්න තැනක් ගල් ගැහිලා. තත්පරයකටත් අඩු කාලයකින් කාාමරය පිළිවෙලට හැදුව යොන්ටෑන්ව මම මොහොතකට දැක්කේ ෆ්ලෑෂ් වගේ. කාමරය තිබ්බ විදිහටම අස් කරපු යොන්ටෑන් කාමරයේ මැද හිටගෙන මන් දිහා බලන් හිටියේ අමුතුම හිනාවක් දාගෙන.

🐻 - "වාව්... ඔයා කොහොම ද ඒක කලේ?"

- "මේක පොඩි වැඩක්. දන්නවද මගේ ළඟ තව වැඩ ගොඩක් තියෙනවා. මට කතාවක් මතක් වුණා. 1948 දී.... මම හිතන්නේ මම ඒ කාලේ පොඩි........"
.
.
.
.

A short time later 🕠

යොන්ටෑන් කතාව ඉවර වෙද්දි මගේ කන ඇතුලේ වචන පිරිලා ඉතිරිලා ගිහින්. ඇඳේ වාඩි වෙලා හිටිය යොන්ටෑන් තව මොනවදෝ කියවනවා. මට හිනත් එක්ක. මෙයා කියවන්න ගත්තම නවත්තන්නේ නෑ එක දිගට කියවනවා. කට රිදෙන්නේ නැද්ද මන්දා. යොන්ටෑන් හරි පුදුමාකාර බල්ලෙක්. යොන්ටෑන් කියන දේවල්වලට එයාගේ වැඩවලට මම ටික ටික ආකර්ෂණය වෙනවා වගේ දැනුණා. මට එයාව ඕනේ උනා. දවසක් ඇතුළත එයා මාව එයාගේ පැත්තට ආකර්ෂණය කරගත්තා. අද දවසත් කෙමෙන් කෙමෙන් ඔහොම ගෙවිලා යද්දි රෑ වෙලා. රෑ කෑමත් කාලා ඇඳට ආපු මම යොන්ටෑන් දිහා බැලුවේ එයාටත් එන්න කියන්න. ඒත් යොන්ටෑන් කෙලින්ම ගියේ එයාගේ බලු කූඩුව ළඟට.

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now