Chapter 17

75 12 1
                                    

The old building behind the school

(Flashback memories)

- Hobi's Pov -

🐺 - "යනවා ගිහින් ගේනවා."

🦄 - "මො.... මොකක්ද?"

🐺 - "ඇයි තමුන්ට ඇහුනේ නැද්ද? ගිහින් ගේනවා. ඔක්කොම ජෙලි ගේනවා. මේ නගරේ තියෙන සුපර් මාකට් දෙකේ ඔක්කොම ජෙලි ටික අරන් එනවා."

🦄 - "මොකක්?"
.
.
.
...................................

(Back to the present)

🐺 - "තමුන්ට තව අරන් එන්න වෙනවා."

මම කල්පනා ලෝකෙන් මිදුණේ හ්යුන්ගේ සද්දෙට. ඊයේ බැල්කනියේදී මට කියපු දේ ගැන හිතමින් හිටිය මට තාම හිතාගන්න බැහැ ඇයි මේ මෙච්චර ජෙලි කියලා. අපි අද ඉදන් ජෙලිවත්ද කන්නේ. හපොයි.

🦄 - "හ්යුන්ග්. කියන්නකෝ ඇයි මේ මෙච්චර ජෙලි. අපි...."

🐺 - "බල්ලට...."

🦄 - "ආ.....?"

එහෙම කියපු හ්යුන්ග් හයියෙන් හිනා වෙන්න ගත්තා.

- "Beakhyun"

🐺 - "Sir... මෙහේ."
.
.
.

⊰᯽⊱┈──╌❊ - ❊╌──┈⊰᯽⊱

- Tae's Pov -

එකපාරටම යොන්ටෑන් ඉව අල්ල අල්ල ඉඳලා ෆ්ලෑෂ් ආරූඪ වුණා වගේ එතනින් දිව්වා. මම යොන්ටෑන්ගේ නම කිය කිය දිව්වත් මට එයාගේ වේගෙට දුවන්න බැහැ. මම ඉක්මනට මගේ අතේ තිබ්බ ඔරලෝසුව දිහා බැලුවේ යොන්ටෑන් ඊයේ රෑ මට මේක දුන්න හේතුවත් මතක් කරමින්.

...............................

(Flashback memories)

🐶 - "ථේ... මෙන්න මේක ඔයා තියාගන්න."

🐻 - "මේ මොකක්ද?"

🐶 - "හදිස්සියෙවත් මන් නැති දවසක ඔයාට මාව මතක් උනොත් ඕක මාව මතක් වෙන්න තියා ගන්න."

🐻 - "යොන්ටෑන්... පිස්සු කතා කියවන්න එපා."

මට ආව කේන්තියට මන් එයාට බැන්නා. ඒත් යොන්ටෑන් හිනා වෙවි මන් දිහා බලන් හිටියේ හරි අහිංසක විදිහට.

🐶 - "හේ.... හේ..... මන් විහිළුවක් කලේ ථේ. මන් ඔයාව දාලා කොහේ යන්නද?"

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now