Chapter 08

90 15 0
                                    

In the school

- Tae Pov -

🐰 - "Hey mam's boy"

මාව එකපාරට ඇදලා ගත්ත ශක්තිමත් අත් අතර මම ලොකර් එකත් එයා අතරත් හිර වෙද්දි මගේ ඇස් බොද වුණේ මාවත් අපහසුතාවට පත් කරලා. මට ඒ කටහඬ අහලා පුරුදුයි. ඔව් ඒ ජන්කුක්. එදා පන්තිය ඉස්සරහ මාව ලැජ්ජාවට පත් කරපු කෙනා.

🐱 - "හේ මූ අඬනවද?"

ජන්කුක්ගේ පිටිපස්සෙන් හිටිය සුගා මට නෝක්කාඩුවට එහෙම කියලා කට කොනින් හිනාවෙද්දි ජන්කුක්උත් මට හිනා වුණා. ඒත් එක්කම එතනට දුවගෙන ආපු ජිමින් ජන්කුක්ගේ අත් අතර හිර වෙලා හිටිය මාව ගලව ගත්තෙ දෙයියෙක් වගේ. මම කැස්සක් එක්ක බෙල්ල අල්ලගෙන පහත් වුණේ ජන්කුක් මගේ කොලර් එක හයියෙන් අල්ලන් බෙල්ල හිර කරගෙන හිටිය නිසා.

🐥 - "පිස්සුද ජන්කුක්. මොනවද කරන්නෙ?"

🐰 - "ආයිෂ් ජිමිනා. මගේ වැඩවලට මැද්දට එන්න එපා බන්"

ඒත් එක්කම බෙල් එක වැදුනයින් මගේ අත ජිමින් අල්ලගත්තෙ මගේ ආරක්ශකයා වගේ. මමත් ජිමින් පස්සෙන් ගෑටුවේ ජන්කුක් මං දිහා බලන් ඔරවද්දි. මම මුකුත් නොකියා බිම බලන් ජිමින්ගේ පස්සෙන් පන්තියට යද්දි හැමෝම වගේ මට විහිලු කරාම මම මෙච්චර වෙලා හිර කරගෙන හිටිය කදුලු කම්මුල් දිගේ රූටලා පහලට ඇද වැටුණා.

අන්තිම පීරියඩ් එකේදි ඔම්මා පන්තියට ආවේ සංගීත විෂය දැන් තිබුණු නිසා. මිස් යේ ජින් අපිව කණ්‌ඩායම්වලට බෙදෙන්න කියලා කිව්වම මම පැත්තකට වෙලා නිහඬව හිටියේ හැමෝම මට හිනා වෙද්දි. ඒත් ජිමින් එකපාරට ම නැගිටලා මගේ ලගට ආවා.

🐥 - "ථේ එන්න අපේ කණ්ඩායමට."

මම ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියේ ජිමින් අනිත් නපුරෝ දෙන්නට වඩා කොච්චර වෙනස් හොද කෙනෙක්ද හිතලා හිතද්දි.

🐰 - "මාර විහිලුව ජිමින්. Dream on. mama's boy"

ජන්කුක් එහෙම කියල හිනාවෙද්දි පන්තියෙ හැමෝම හිනා වුණේ mama's boy කිය කිය. මට මගේ කදුලු පාලනය කරගන්න බැරුව මම බිම බලන්ම හිටියේ මගේ කදුලු දැක්කොත් තවත් මට විහිලු කරයි කියලා හිතලා. කොහොමහරි ජිමින්ගේ කටේ සද්දෙට හැමෝම නිශ්ශබ්ද උනාම මගේ ඔම්මත් විහිලු කරපු අයට අවවාද කළා. ඒත් ඒ කිසිම දෙයක් එයාලා කනකටවත් ගන්නෙ නැහැයි කියලා මට තේරුණේ එයාලා මගේ පැත්තට හැරි හැරි දිව දික් කර කර හිනා වෙද්දි.

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now