Chapter 07

138 20 2
                                    

Tae house

- Tae Pov -

මම රෑ කෑම කාලා ඉවර වෙලා එහෙමම කාමරේට ගිහින් ඇදට පැන්නා. මගේ පස්සෙන් ආපු යොන්ටෑනුත් ඇදට පැන්නම මම අනිත් පැත්ත හැරිලා බැලුවා. ඒ පැනලා යොන්ටෑන් වාඩි වෙලා මගේ දිහා බලන් හිටියේ හරියට අමුතු ජීවියෙක් දිහා බලන් ඉන්නවා වගේ.

🐻 - "හේයි"

මම ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා යොන්ටෑන්ට කතා කරන්න හදද්දිම කාමරේ දොර ඇරගෙන ආපු ඔම්මා හිනා වෙලා මං ලගින් වාඩි වුණේ මගේ ඔලුවත් අත ගාලා.

🐻 - "ඔම්මා මෙයා මුලු රෑම මේ විදිහට මං දිහා බලන් ඉදිද?"

👩‍🦰 - "ඔයා මුලු රෑම ඔහොම බලන් ඉන්නවද යොන්ටෑන්?"

ඔම්මා හිනා වෙලා යොන්ටෑන් දිහා බලන් අහලා මගේ දිහා බලද්දි මට හිනා ගියා.

🐻 - "ඔම්මා.... ඔයා මට විහිලු කරනවද?"

👩‍🦰 - "ඇයි අපි ඒක මෙයාගෙන් අහලා දැනගමු. ඒක ලේසිනේ."

මට හිනා ගියා ඔම්මගේ වැඩවලට. ඔම්මා හැමතිස්සෙම මාව හිනස්සන්න උත්සාහ කරනවා. මම යොන්ටෑන් දිහා බලන් ඉද්දි ඔම්මා ආයෙත් මට කතා කලේ ඔලුව අත ගාලා.

👩‍🦰 - "ථේ. ඔයාට මේ හැමදේම අලුත්. මෙයාටත් එහෙමයි. කාලය දෙන්න."

🐻 - "ඔම්මා ජොනි සීයාගේ හුරතලා. මෙයා කැමති වෙයිද මාත් එක්ක ඉන්න?"

👩‍🦰 - "වැඩිය හිතන්න එපා sweet heart. Good night"

👩‍🦰 - "Good night Yeontan"

ඔම්මා මට එහෙම කියලා මගේ ඔලුවට ආදරණීය හාදුවක් දෙද්දි මම ඇස් පියාගත්තෙ ඔම්මාගේ සෙනෙහසට ලෝබකමකින්. යොන්ටෑන්ටත් සුභ රාත්‍රියක් කියපු ඔම්මා ලයිට්ස් ඕෆ් කරලා ඔම්මගේ කාමරයට ගියේ හෙට ඉස්කෝලේ යන්න ඇහැරෙන්න මගේ කබඩ් එක උඩ තියෙන එලාම් එකත් සෙට් කරලා.
.
.
.

⊰᯽⊱┈──╌❊ - ❊╌──┈⊰᯽⊱

In the morning

ඊයේ රෑ නම් බෙර ගහලා කන් අඩි පුපුරන කෙනාට නින්ද ගිහිල්ලාද කොහෙද මට හොදට නින්ද ගියා. මොනවා උනත් එයා ලස්සනට වාදනය කරනවා. එක දවසක් මම ඒ සංගීතයට ඇහුන් කන් දුන්නෙ හිතට දැනෙන අමුතු හැඟීම තේරුන් ගන්න බැරුව. එලාම් සද්දෙට ඇහැරුණු මම ඉක්මනට ලෑස්ති වෙලා පඩිපෙල බැහැගෙන ආවේ ඔම්මට අද උදෙන්ම ඉස්කෝලේට යන්න උන නිසා ඉක්මනට කෑම කාලා මමත් ඉස්කෝලේ යන්න. ෆ්රිජ් එකෙන් පාන් පෙත්තක් අරන් බටර් ජෑම් ගාලා කාලා ඉවර උන මම පුටුවෙන් නැගිටෙද්දි දැක්කේ යොන්ටෑන් මං දිහා තරහෙන් බලන් ඉන්නවා. හරියට එයාට මම මගේ බඩ විතරක් පුරවගත්තට ගහන්න වගේ. මම ලාවට හිනාවෙලා එයා ලගට ගියේ මම එහෙම එයාව අමතක නොකල බව අඟවන්න. දකින්න කලින් චුට්ටි අකමැත්තක් තිබ්බත් එයාගේ ලස්සන බෝල ඇස් දැක්කට පස්සෙ මම එයාට වශී වුණා.

🐻 - "මට ඔයාව අමතක උනේ නෑ හරිද පැටියෝ?"

යොන්ටෑන් ලඟට ගිහින් මම වාඩි වෙලා ඌව වඩාගෙන එලියට එක්ක ගියේ ඉස්සරහ ගහේ බැඳලා තියන්න මම ආයේ එනකම්. ඔම්මා මට යන්න කලින් කිව්වෙ යොන්ටෑන්ට තාම නුහුරු නිසා ගේ ඇතුලේ තනියම නොතියා එලියේ තියන්න කියලා. ඉතින් මම ඒ විදිහට එයාව වඩාගෙන එලියේ ගහේ බැඳලා කෑමත් තියලා ඉස්කෝලේ ගියේ ඉක්මනට එන්නම් කියලයි. මම හිතන්නෙ එයාට තේරුණා.

ගෙදරට දුවලා බෑග් එක අරගෙන ඉස්කෝලේට ගිය මම මගේ ලොකර් එක ගාවදි නතර උනේ මගේ බෑග් එක ලොකර් එකෙන් තියලා පොත් ටික ගන්න. ඒත් කෙනෙක් එකපාරටම ඇවිත් මාව ලොකර් එකට තද කරපු පාර මම ඒ කෙනයි ලොකර් එකයි අතර හිර වුණේ ඇස්වල කදුලු පිරෙද්දි.

- "Hey mama's boy"

●・○・●・○・● - ・○・●・○・●

කවුරු වෙන්න ඇත්ද?

ඊලග කොටස ලබන සෙනසුරාදා බලාපොරොත්තු වන්න.

Sorry for the mistakes and thanks for reading...

Lv u all 💜
සරන්හේ ❤

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌ (MJ)

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now