Chapter 02

199 36 2
                                    

- Jungkook Pov -

👩‍🦱 - "ජන්කුක්....."

👩‍🦱 - "ජන්කුක්. ඕක නවත්තන්න."

👩‍🦱 - "වටපිටාවේ මිනිස්සු ඉන්නවා දරුවෝ."

🐰 - "ඉතින් මට මොකද?"

මම මගේ ඉස්සරහ හිටන් ඉන්න කෙනා දිහා තරහෙන්ම බලන් ඇහුවත් එයාගේ මූණේ තිබුණු හිනාව නම් නැති වුනේ නැහැ. එයා ඇවිත් මට කතා කලත් මට ඇහුනේ නැත්තේ මම කන් දෙකට හෙඩ් සෙට් එක ගහන් drummer එක වාදනය කරන් හිටපු නිසා.

👩‍🦱 - "පහළට එන්න ජන්කුක් කෑම සීතල වෙන්න කලින්."

කෑම කන්න පහළට එන්න කියලා හිනාවෙලා පහළට ගියා. මට එයාගේ කෑමත් එපා එයත් එපා. මම කොච්චර එයාගේ හිත රිද්දුවත් වෙනදා වගේම හිනා වෙලා එයා මාත් එක්ක කතා කරන එක මට පේන්න බැහැ. මොන කරදරයක් ද මන්දා. මම කොච්චර එයාව මඟ ඇරිලා ඉන්න හැදුවත් එයා එන්නෙම මගේ ඇඟේ එල්ලෙන්න. අප්පා අපිව දාලා ගියෙත් මෙයා නිසා තමයි. මම එයා මෙයා කියන්නේ මම කැමති නැහැ එයාට ඔම්මා කියන්න. මොකද එයා මගේ ඔම්මා නෙමෙයි. අප්පගේ දෙවෙනි කසාදේ. අප්පා මේ ගෑණිව මැරි කලා විතරයි අප්පා අපිව දාලා ගියා. මේ ගෑණි මගේ අප්පව මරා ගත්තා. මම කවදාවත් මේකිට සමාවක් දෙන්නේ නැහැ. මම ඇහුනේ නැහැ වගේ ආයෙත් හයියෙන්ම වාදනය කලේ එයාගේ කන් අඩි පැලිලා පුපුරුලා යන්න කියලා හිතන්.
.
.
.

⊰⊱┈──╌❊ - ❊╌──┈⊰᯽⊱

- Tae Pov -

ටිකක් පරක්කු වෙලා නැගිට්ට මට අද ස්කූල් යන්නත් තව පොඩ්ඩෙන් පරක්කු වෙනවා. ඇත්තටම මට ඊයේ රෑ නින්ද ගියේ පරක්කු වෙලා අර බෙර ගහන සද්දේ නිසා. මහ රෑ දෙගොඩහරි ජාමේ වෙනකම් බෙර ගහන බූරුවා මොකා උනත් එයාට හිතින් බැන බැනම මම නැගිට්ටේ හොද වෙලාවට මම මගේ පුරුද්දට එලාම් එක තියලා නිදා ගත්ත නිසා. මම ඉක්මටම ලෑස්ති වෙලා පහළට දුවගෙන ඇවිත් කෑම මේසෙන් වාඩි වුනා විතරයි ඔම්මා ලෑස්ති වෙලා පහළට ආවේ ඇගේ සුපුරුදු හිනාවත් පෙන්නමයි.

👩‍🦰 - "Good morning sweetheart." 😘

🐻 - "ඔම්මා...."

👩‍🦰 - "මොකෝ මේ Good morning කියන්න... උම්මා..."

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now