Chapter 12

99 16 1
                                    

- Jungkook's Pov -

මම ගඟෙන් එහා පැත්තෙ ඉදන් ථේ දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ. ථේ එයාගේ හුරතලත් එක්ක හරි හරියට කතාව. වටපිටාවේ මිනිස්සු ගැනවත් තැකීමක් නැහැ වගේ එයාට. එකපාරටම ථේගේ පිටුපසින් තිබුණු ගහට මුවා වෙලා බලාගෙන හිටපු මනුස්සයාව දැක්ක මම එයා ලගට යන්න හදද්දි ඒ කලු කැප්කාරයා මුවා වෙලා හිටපු ගහෙන් හිමීට හොර බළලෙක් වගේ එලියට ඇවිත් ථේ ලගට ඇවිදන් එන්න හදද්දි මට කරකියා ගන්න දෙයක් හිතාගන්න බැරි වුණා.

🐰 - "ථේ... ථේ හ්යුන්ග්"

ක්ෂණික මගේ ටිකිරි මොලේට ආපු අදහසක් මම ථේ දිහා බලන් ක්‍රියාත්මක කලා. මම ඒ මනුස්සයගේ අවදානේ වෙනතක යවන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. මම හයියෙන් ථේගේ නම කියලා කෑ ගැහුවා. කෑ ගහපු පාරට ථේ වගේම එයාගේ හුරතලත් එක්කම අභිරහස් පුද්ගලයත් මම දිහා බැලුවා. හැබැයි එයා ටිකක් බය වුණාද කොහෙද. නොහිතපු දෙයක් වුණ නිසා වෙන්න ඇති එයා කලබල වෙලා එකපාරටම අනිත් පැත්ත හැරිලා වේගයෙන් ඇවිද්දා. හයියෙන් හයියෙන් ඇවිදගෙන යන ඒ මනුස්සයා දිහා මම බලන් හිටියේ කොයි වෙලේ කකුල පෙරලිලා වැටෙයිද කියලා. ඒත් මගේ අවදානෙ බිදුණේ සුගා මම ලගට ඇවිත් මගේ පිටට තට්ටුවක් දැම්මම.

🐱 - "අඩෝ මොකෝ එකපාරටම කෑගහන්නෙ?"

සුගා අහපු දේට මම නිරුත්තර වුණා. දැන් මම මොනවද කියන්නේ? අමුතු මනුස්සයෙක් ථේ දිහා බලන් ඉදලා එයාගේ ලගට ආව පාර මම බයවෙලා මිනිහගේ අවදානේ බිදින්න මම කෑ ගැහුවා කියන්නද? මම ඒක කිව්වා කියමුකෝ. ඒත් මගේ අතිජාත වසවර්ති කම්මැලි පූසා ඒක පිළිගනියි ද? නෑ කොහෙත්ම නෑ. මාව අද දවසෙම බයිට් කරයි. ඒ නිසා මම හිනා වෙලා කට වහගෙන හිටියා. ථේ තාමත් මං දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා දැක්කම මට දුවලා ගිහින් අල්ලලා සාක්කුවේ දාගෙන එන්න හිතුණා. දැන් කරන්න දෙයකුත් නැති එකේ ථේ ලගට යන්න මම හැරුණා.

🐥 - "කොහෙද යන්නෙ?"

🐰 - "අර පැත්තට."

🐥 - "උබ යන්න හදන්නෙ ථේට කරදර කරන්න නම් ඔහොම ඉන්නවා ජන්කුක්"

🐰 - "අයියෝ මම යන්නෙ නිකන් කතා කරන්න අනේ. කැමති නම් ඔය ඩබලත් එනවා. නැත්නම් අර ගහක් යටට ගිහින් පෙම් සුව විදිනවා. මගේ පුංචි හිත ජරා කරන්නෙ නැතුව."

𝚈𝚎𝚘𝚗𝚝𝚊𝚗 🐶 (TK 🐻🐰) ✅️Where stories live. Discover now