23 part

612 116 21
                                    







👿 ල්....ලියා 😳




🐬 කොහොමද බේබි 😏





👿 ඔ....ඔයා ක් කොහොමද......😳🥺





ලී හිටියෙ ගොඩක් පුදුම වෙලා.මොකද එයා ලියාව කවදාවත් එයාගෙ රහස් පොට් වලට එක්කන් ගිහින් නෑ. ඉතින් ලියා මෙතන ඉන්න එක ගැන ලී ගොඩක් පුදුම වුනා.






මේ අතර ලී හිටපු රූම් එක වැටලුවට පස්සෙ ජන්කුක් ඒ මුළු රූම් එක පුරාම හෙව්වෙ එයාගෙ මැණිකව......මුළු රූම් එකේම ඇස් යවනකොට එයා දැක්කෙ එයා කවදාවත් දකින්න බලාපොරොත්තු වුන විදියෙ දර්ශනයක්නන් නෙවෙයි.ඒ දැකපු දේ නිසා ජන්කුක්ට දැනුනෙ එයාගෙ මුළු ඇඟම පණ නැතුව ගියා වගේ.




🐰 ම්......මැණික 🥺🥺...




ජන්කුක්ගෙ කටින් පිටවුනේ ඒ වචන ටික විතරයි.⁣ටේ කිසි හැල හොල්මනක් නැතුව ඔහේ බිම වැතිරිල හිටියා.ජන්කුක්ගෙ අතින් එයාගෙ ගන් එකත් බිමට වැටුනා.එයාගෙ අත් වෙව්ලන්න ගත්තා.එයා වෙව්ලන කකුල් වලින්ම හිමින් අඩි තියන ගමන් ගියේ රූම් එක කොනේ වැතිරිලා හිටපු ටේ ළඟට.






🐰 ම්.....මැණික.....ම්....මැණික 🥺💔 ම් මගෙ දිහා බලන්නකො පන.......ම් මැණික 😪😭😭




ටේව තමන්ගෙ තුරුලට ගත්ත ජන්කුක් ටේගෙ කම්මුල් වලට තට්ටු කරකර කතාකරේ එයාගෙ ඇස්වලින් එළියට පයින්න දඟලන ඒ කදුළු අමාරුවෙන් නතර කර ගන්න ගමන්.ඒත්......ඒක එක අසාර්ථක උත්සහයක් විතරක්ම උනේ ඊළඟ මොහොතෙ ඒ කදුළු ජන්කුක්ගෙ කම්මුල් තෙත් කරගෙන ගලාගෙන ගියපු නිසා.






🐰 ම්...මාව බ් බය ක් කරන්න එ...එප්පහ් ම් මැණික.....ප් ප්ලීස්....😭 ම් මගෙ ද් දිහා බ් බලන්නකො ම් මැණික.....අ අනේ 😭💔






තාමත් ඇස් පියාගෙන ඉන්න ටේහ්‍යුන් දිහා කදුළු හෙලමින් බලන් හිටිය ජන්කුක්ගෙ තොල් අතර  ඊළඟ මොහොතෙ පුංචිම පුංචි හිනාවක් ඇදුනේ ටේහ්‍යුන් ඇහිපිල්ලම් ගහමින් එයාගෙ ඇස් අරින්න උත්සහ කරනව ජන්කුක් දැක්ක නිසා.ඒක දැක්කම තමයි  ජන්කුක්ට දැනුනෙ එයා ජීවත් වෙනව කියලා.






Mafia's love story  [🄲🄾🄼🄿🄻🄴🄰🅃🄴🄳]Where stories live. Discover now