dark building 🌃 (6)

2.8K 591 103
                                    

......Next day.....🌒



🐯: යුන්ගි අනේ කියපන්කො බං...උබ මොනාද කරන්න යන්නේ කියලා....

🐱: අහපන්කෝ....උබ කොහොම හරි ජන්ග්කුකීව කලුවර වැටෙනකන් company එකේ තියා ගන්න බලපන්.....තේරුනා ද?

🐯: අහ් අහ් හරි...ඊට පස්සේ...

🐱: මං ඔක්කොම employee ලාව හවස පහ වගේ වෙද්දි company එකෙන් එලියට යවන්නම්.....මං කිව්වේ ඇතුලේ වැඩ කරන securityලාව ඉදලාම...

🐯: හරි....

🐱: ඊට පස්සේ මේ මුලු company එකේම ඉන්නේ උබයි ජන්ග්කුකී විතරයි....මං ඔක්කොමලාම ගියා කියලා conform උන ගමන් main switch එකේ වැඩේ බලාගන්නම්......ඊට පස්සේ ඉදන් තියෙන ටික උබ බලා ගනින්.....

🐯: හ්ම්ම් හ්ම්ම් හරි....මේ බං වැඩේ සෙට් වෙයි නේ...

🐱: උබේ බොක්කව විශ්වාස කරපන්කෝ....අනිවා හරියයි......

යුන්ගි ටේහියුන්ග්ගේ උරහිසට තට්ටුවක් දාලා එහෙම කිව්වේ ටේහියුන්ග්ගේ හිතේ එයාලාගේ සැලැස්ම අනිවාර්යයෙන්ම හරියයි කියන විශ්වාසේ ඇති කරලා.....

උදේ mansion එකෙන් එලියට ආපු ටේහියුන්ග් කාර් එකට ආපු වේලාවේ ඉදන් යුන්ගිගෙන් අහන්න ගත්තේ අද එයා කරන්න යන දේ ගැන.....

ටේහියුන්ග්ගේ හිත කලින් දවසේ යුන්ගිගේ වචන වලින් කුතුහලය පිරි ඉතිරිලා යද්දි ටේහියුන්ග්ගේ හිත පුන පුනා කීවේ යුන්ගිගේ හිතේ තියෙන plan එක කොහොම හරි දැන ගන්න කියලායි.....

යුන්ගිගේ ඇඟේ එල්ලිගෙන නහයෙන් අඬාගෙන අවසානේ ටේහියුන්ග් යුන්ගිගේ master plan එක ගැන දැන ගත්තා.....





හවස් වරුවේ meeting අස්සෙයි , කොල ගොඩ අස්සෙයි හිර වෙලා හිටිය ජන්කුක් හවස පහ වගේ වෙද්දි ලොකු හුස්මක් පිට කරේ දැන් එයාගේ වැඩ සේරම ඉවර නිසා.....

එහෙමම තමන්ගේ computer එක ඔෆ් කරලා තමන්ගේ බෙල්ල එක පැත්තකට ඇල කරන් උරහිසත් බෙල්ලත් අත ගාන්න ගත්ත ජන්කුක් ටිකකින් එයාගේ මේසේ උඩ හැඩි වෙලා තිබ්බ සේරම අස් කරන ගමන් හැන්ඩ් බෑග් එක අරන් පුටුවෙන් නැඟිට්ටේ ගෙදර යන්න....

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now