first fight 💥 (8)

2.8K 575 83
                                    


කාලේ වේගෙන් ගෙවීගෙන යද්දි යුන්මින් දෙන්නා තව තවත් එකිනෙකාව හොඳට අඳුර ගන්න පටන් ගත්තා.....

ඇත්තටම පලවෙනි දවසේ එයාලා දෙන්නාගේ හමුවීම ඒ තරම් ලස්සන දෙයක් නොවුනාත් එදා දවසින් පස්සේ හමුවුන හැම දවසක්ම එයාලා ලස්සන කර ගත්තා....

ඒ අතට ටේකුක් ආදර කතාවටත් නොදැනීම මාස දෙකක් සම්පුර්ණ වෙලා ගියේ එයාලාගේ ආදරේත් එන්න එන්නම ශක්තිමත් කරලා.....

කවුරු හරි ජන්කුක්ගේන් ඔයාගේ සතුටම දවස් කවද්ද කියලා ඇහුව්වොත් එයාගේ සතුටුම දවස් වෙන්නෙ ටේහියුන්ග් එක්ක ආදරේ කරපු දවස් කියලා කියන්න පුලුවන් වෙන තරමටම ටේහියුන්ග් ජන්කුක්ට ආදරේ කරා....නැහැ ඇත්තම කිව්වොත් ටේහියුන්ග් ආදරේ කරේ ජන්ග්කුකීට.....

එයාලා අතර මේ ගෙවුන මාස දෙක පුරාම කිසිම විදිහකින් රණ්ඩුවක් ඇති උනේ නැහැ කියලා කිව්වොත් ඔව් ඒක ඇත්තක්.....

මොකද කිසිම වේලාවක රන්ඩුවක් ඇති කර ගන්න තරම් එයාලා අතර කිසිම දෙයක් සිද්ද උනේ නැහැ....ඒ දෙන්නා ඒ තරමට ආදරෙන් තමා හිටියේ....

නමුත් හැමදාම ඒ විදිහට රණ්ඩු නොවී දෙන්නෙක්ට ඉන්න පුලුවන් ද?



එදා ටේහියුන්ග් දවල් වරුවේ ටිකක් කාර්යබහුල වෙලා හිටියේ එදාම හවස අලුත් project එකක් ගැන කතා කරන්න වෙනත් company එකකින් එනවා කියලා කිව්ව නිසායි.....

ටේහියුන්ග් විතරක් නෙමෙයි ටේහියුන්ග්ගේ secretary උන ජන්කුක්ට ඊට වඩා වැඩ රාජකාරියකට මැදි වෙන්න සිද්ද උනේ ටේහියුන්ග් මුලු කැබින් එකම කන පිට පෙරලමින් එක එක ෆයිලුත් හවස තියෙන meeting එකට ඕන කරන බඩුත් හොයන්න ගත්ත නිසා....

🐰: අනේ ටේ පොඩ්ඩක් කලබල නැතුව වැඩ කරන්නකෝ...අපිට තව පැය තුනක්ම තියෙනවා නේ meeting එකට....

🐯: එහෙම බැහැ කුකී...ඔයා දන්නවා නේ...මං කැමති නැහැ ඔය එන ceoගේ ඉස්සරහ මගේ කිසිම අඩුපාඩුවක් වෙනවා දකින්න......

🐰: ඔයා ඔහොම හැසිරුනොත් තමා අඩුපාඩුවක් වෙන්නේ...කලබල නොවී සංසුන්ව වැඩ ටික කර ගන්න.....

🐯: සංසුන් වෙවී වැඩ කරන්න තරම් කාලයක් නැහැ කුකී....අයිශ් මේ මඟුල් ෆයිල් එක කොහිද මන්දා....

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now