Hurt 💔(22)

3.6K 568 332
                                    


කලින් දවසේ ටේහියුන්ග් එනකන් මඟ බලාගෙන හිටිය ජන්කුක්ට නොදැනීම නින්ද ගිහින් තිබ්බේ සාලේ සීතල පොලොව උඩ........

උපරිම පාන්දර හතර වෙනකන් ඇහැරගෙන ඉදලා අවසානේ අඬලා අඬලාම හෙම්බත් උන ජන්කුක් නින්දට වැටුනේ ඇඟට දැනූන තෙහෙට්ටු ගතියත් එක්ක...

පාන්දර වෙනකන්ම ටේහියුන්ග්ට කෝල් කරපු ජන්කුක් දෙවියන්ට ස්තුති කරේ මුල්ම දවසේ වගේ ටේහියුන්ග්ගේ ෆෝන් එක මේ පාර ඔෆ් නොවී ඔන් එකේ තිබ්බ එකට උනත් ඇත්තටම දෙවියෝ කියලා කෙනෙක් ජන්කුක්ට ඒ මොහොතේ උදව් කරේ නම් නැහැ....

හේතුව...?

විනාඩියෙන් විනාඩියට ටේහියුන්ග්ව contact කර ගන්න ජන්කුක් උත්සාහ ගනිද්දි ඒ කෝල් අතරින් එකම එක කෝල් එකක් ටේහියුන්ග් answer කරද්දි ජන්කුක් සිනාමුසු මුහුනින් බලාපොරොත්තු සහඟතව පලවෙනි වචනේ කතා කරන්න සූදානම් උනාත් එයා එහෙමම කට වහ ගත්තේ එහා පැත්තෙන් ඇහුන කෙඳිරි හඬ නිසා....

එක වේලාවටකට කෙල්ලෙක්ද තවත් වේලාවකට කොල්ලෙක්ගෙද කට හඬ ඇහුන ජන්කුක් කෙල්ලගේ කටහඬ මොකද්ද කියලා අඳුර ගන්න බැරි උනාත් අනිත් පැත්තේන් ඇහෙන පිරිමි කට හඬ නම් තප්පරේන් අදුර ගත්තා...

කම්මුල් දිඟේ උණු කඳුලු බිංදු ගලාගෙන යද්දි ජන්කුක් ෆෝන් එක එහෙමම කනේ තියන් ඒ ඇහෙන සද්ද වලට තවත් ඇහුම්කන් දුන්නා....

හමවල් එකට ගැටෙන හඬයි , ටේහියුන්ග් කෙඳිරි ගාන හඬයි ඇහුන ජන්කුක්ට ටේහියුන්ග් මේ වේලාවේ හුඟාක් බිසී වැඩක ඉන්නේ කියලාත් ටේහියුන්ග් ෆෝන් එක answer කරලා නෙමෙයි වැරදිලා එයාගේ අතින් කෝල් එක answer වෙලා තියෙන්නෙ කියලාත් තේරුම් ගත්ත ජන්කුක් තවත් ඉවසන්න බැරිම තැන ෆෝන් එක කට් කරලා දැම්මේ තවත් එතන වෙන දේවල් භාර ගන්න එයාගේ දුර්වල හදවත ලෑස්ති උනේ නැති නිසා....

මීරා වූබින් එක්ක ඉන්න කාලේ ලොකුට තමන්ගේ හදවතට බෙහෙත් බොන්න ඕන නැති උනාත් දැන් දැන් ජන්කුක්ට කොයි වේලාවෙත් තමන්ගේ බෙහෙත් ටික සාක්කුවේ දාගෙන ඉන්න සිද්ද උනේ වෙනදාට වඩා ඒක හැම වේලාවේම රිඳුම් දෙන්න ගන්න නිසා......

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now